44. සිකුරු
(චිත්‍රකථාවේ පහන් තරුව )
මංගල කලාපය
නිකුත් වූ දිනය- 2002 සැප්තැම්බර් 02
ආරම්භක ප්‍රධාන සංස්කාරක- අජිත් නිලංග
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 13.00
ප්‍රමාණය- 27cm × 22.5 cm
ප්‍රකාශනය- ඉමාෂී ප්‍රකාශන
මුද්‍රණය - ඉමාෂී මුද්‍රණාලය
ඉමාෂී ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කරනු ලැබූ සිය සිව් වැනි චිත්‍රකතා පුවත්පත මෙයයි. ( මින් පෙර හීසර, සඳහිරු, මල් කැකුළි.. නමින් චිත්‍රකතා පුවත්පත් නිකුත් කර තිබිනි. එම පුවත්පත් පිළිබඳ තොරතුරු මෙම බ්ලොග් අඩවියෙහිම මින් පෙර පල කරනු ලැබ ඇත.)
" සිකුරු " ආරම්භක අවධියෙහි ප්‍රධාන සංස්කාරක ධුරය අජිත් නිලංග මහතා විසින් හෙබවූ අතර පසුව, ඉමාෂී ආයතනය විසින් ම ප්‍රකාශයට පත් කල තවත් පුවත්පතක් වූ "හසුන" චිත්‍රකථා විශේෂාංග පුවත්පත හා එකට සම්බන්ධ කර පිටු 20 කින් යුක්තව නැවත එක් චිත්‍රකථා පුවත්පතක් ලෙස පුවත්පත විරාජිත් පතිරණ මහතාගේ සංස්කරණයෙන් වෙළඳ පලට නිකුත් කෙරින. කෙසේවෙතත් ආරම්භයේ සිට සිකුරු චිත්‍රකථා පුවත්පත වසර 2ක් පුරා එවකට චිත්‍රකථා රසිකයන් අතර යම් ජනප්‍රියතාවක් අත්පත් කරගත් අතර පුවත්පත ආරම්භයේ සිට සම්බන්ධව සිටි ඇන්ටන් බී පෙරේරා , විල්ටන් රාජපක්ෂ , විරාජිත් පතිරණ, .... වැනි චිත්‍රශිල්පීන් රැසකගේ හැරයාමෙන් පසුව මෙම පුවත්පත ද ඉමාෂී ආයතනය විසින් නවතා දැමිණි.
** සිකුරු සැරසූ සිත්තරුන් සහ කථා රචකයින් -
අජිත් නිලංග
විරාජිත් පතිරණ
විල්ටන් රාජපක්ෂ
චමෝදි පද්ම ශ්‍රී
නිරෝෂන් කරුණාතිලක
අභිෂේක් කරුණාතිලක
සිඩ්නි කරුණාරත්න
සජීවන් ආරියවංශ
ගයාෂාන් ඇල්පිටිය
ඇන්ටන් බී. පෙරේරා
ජාලිස්සන්
2 කලාපය☝️
3 කලාපය ☝️

10 කලාපය ☝️
26 කලාපය ☝️
1 කාණ්ඩය 27 කලාපය ☝️
29 කලාපය ☝️
43 කලාපය ☝️
2 කාණ්ඩය 24 කලාපය ☝️
( 2 කාණ්ඩය 27 කලාපය )




















No comments:
Post a Comment