Thursday 10 August 2023

COMIC PAPERS


3. ළමා චිත්‍රකතා පුවත්පත් 

1. රූප රේබා 
   Roopa Rekha 


















නිකුත්වු දිනය- 1972 ඔක්තෝබර් 30 සඳුදා 
ප්‍රධාන කතෘ- සඳහන් නොවේ 
ආරම්භක මිල - රැ . ශත 35
ආරම්භක පිටු - 16
ප්‍රමාණය -  37 cm × 29 cm
ප්‍රකාශනය- ටයිම්ස් ඔප් සිලෝන් සමාගම 

*** ඉතා පැරණි පුවත්පතක් බැවින් සතුන්ගෙන් හානි වී ගිය තැන්, පළුදු  හා අපහැදිලි තැන් සහිත වේ. 

ළපටි පෙළ අද මගුල්           කනවා 
බිංදු වටකර ගෙන්                 තුටේ
අපේ තිබ්බටු අයියා         ඉඳගෙන
සින්දු කියනව හරි                හැටේ

ඩඟුටු ඩෙඟුටුං මඟුල් බෙර     හඬ
ඩොං පටස් චුස් ඩොං               පටේ
රූප රේබා රූ                       කුමාරිය
ජය මඟුල් මැද රට                   වටේ

වැහි වළාකුළු මැදින්         ඉඳහිට
දිලෙන ලෙලදෙන            රිදීරේබා
අතීතය සහ අනාගතෙ         ගැන
කියන්නට හැකි අත්ලෙ       රේබා 

පැන්සලයි කොළයකුයි   අරගෙන
දිගට හරහට අඳින              රේබා 
එහෙම රේබා යටයි මෙය       හට
මෙයයි ඔබගේ රූප              රේබා 

හද විල කළඹන පෙම් ජල    රේබා 
නීල පළිඟු කැට නෙත් මිණි   රේබා 
බාල චන්දනී නලලත             රේබා 
අලුත්ම රේබා මේ රූප            රේබා 


       මේ රූප රේබා ළමා විශේෂාංග චිත්‍රකතා පුවත්පත හි ආරම්භයයි.   ශ්‍රී ලංකාවේ නිකුත්වු දෙවැනි චිත්‍රකතා පුවත්පත වනූයේ රූප රේබා  යි. 

                   ටයිම්ස් ඔප් සිලෝන් සමාගම මගින් 1948 වසරේ දී ආරම්භ කරන ලද ලංකාදීප   පත්‍රයෙන් ආරම්භ වු ළපටි පෙළ ළමා අතිරේකය , 1951  වසරේ සිට ඉරිදා ලංකාදීප පුවත්පතට එක් වුණා. පසුව 1957 වසරේ සිට එය වනිතා විත්ති පත්‍රයේ පිටු 8 ක විශේෂාංගයක් ලෙස නිකුත් කිරීම සිදුවුණා. මෙලෙස ජාතික පුවත්පත් හා කාන්තා සඟරා පුවත්පත් තුලින් එකළ මෙරට කුඩා දරුවන් වෙනුවෙන් වෙන් කරන ලද " ළපටි පෙළ " අතිරේකය ද , මෙතැන් පටන් රූපරේබා පුවත්පත තුලින් ම නිකුත් කිරීමට ටයිම්ස් ආයතනය කටයුතු කර තිබෙනවා .

           කිංස්ලි ධර්මතිලක ඉදිරිපත් කරන ලද ඊසොප් ගේ උපමා කතා , සාත්තර සූත්තර,  ෆීලික්ස් පෙරේරා ඉදිරිපත් කරන ලද ආකාශ ගාමිණී ගේ චාරිකා, කපුටා වැනි  චිත්‍රකතා එකල ළමා පෙළ අතර ජනප්‍රිය වී තිබේ.  


**චිත්‍රකතා හා විශේෂාංග ඉදිරිපත් කල       
 ශිල්පීන් - 
බොරලැස්ගමුවේ නෙළුම් 
ටිකිරි දිසානායක 
කිංස්ලි ධර්මතිලක 
වෝල්ටර් ජයවර්ධන 
ෆීලික්ස් පෙරේරා 
තිස්ස ධර්මතිලක 
සීතා අබේවික්‍රම 
චන්ද්‍රානි ජයන්තා 
එන්. ඩී. ඇස්. ගුණසේකර 
ගාමිණී විජේතුංග 

No comments:

Post a Comment