පත්තර කොලම

 




සිරස් තලය


"පත්තරය" යනු කුමක්ද?

උදේ තේ එකටත් කළින් මිනිසුන්ට පත්තරය ඕනෑ වූ කාලයක් තිබුණි. ගමේ වැඩිහිටියන් උදයේම තේ කඩේට ගොඩ වන්නේ පත්තරය බලන්නටය, නැතිනම් වෑර්ලස් එකෙන් ප්‍රවෘත්ති අහන්නටය. මිනිසුන්ට එදා රට තොට විස්තර අහන්නට බලන්නට තිබුණේ පත්තරය හා ගුවන් විදුලිය යි.

රූපවාහිනී ආගමනයත් සමග ම රේඩියෝවට සහ පත්තරයට නරක කල දසාවක් ලැබූ බව බොහෝ දෙනාගේ අදහස විය.

එහෙත් පුවත්පත අනෙකුත් මාධ්‍යයන් ගේ අභියෝග මැද වුව සිය අනන්‍යතාව හා ශක්‍යතාවය  පෙන්වමින් මේ සියවස තුළද විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. විද්‍යුත් මාධ්‍ය පුවතක් එසැණින් ගෙන එද්දී පුවත්පත එපුවත සවිස්තරව ගෙන එයි.

පුවත්පත විවිධ විශේෂාංග වලින් පෝෂණය වී පාඨකයා ගේ දැනුම, විනෝදය, බුද්ධිය වඩවන මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. එය අද වන විට පුළුල් වෙමින් ජාතික, විකල්ප, දිනපතා, සතිපතා, මාසික, අධ්‍යාපනික, දේශපාලනික, ප්‍රාදේශීය, විවිධ වයස් කාණඩ සඳහා, විවිධ විෂයයන් සඳහා ආදී වශයෙන් ප්‍රමාණයෙන් ද හැඩයෙන් ද නොයෙක් ආකාර ගනී.

පත්තර කොලම පළමු දිගහැරුම 👉

  

        දෙවැනි දිගහැරුම සිට ඉදිරියට 👉


No comments:

Post a Comment