(ගුණදාස ලියනගේ ගේ ස්වයංලිඛිත ජීවිත කතාව)
ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතා ගේ චරිතාපදානය යි මේ.
"මගේ පනස් වෙනි ජන්ම දිනය පසු වී සතියකට පසු මම මගේ ජීවිත කතාව ලිවීම ආරම්භ කළෙමි. ඒ 1980 මැයි 1 වෙනිදා උදේය
එදා සිට ටික දුරක් ලියා නතර කර නැවතත් කරුණු එක්රැස් කිරීමේ යෙදුණු අතර ලිවීමේ කටයුතු කෙරුනේ ඉතාමත් හෙමිනි. ඇත්ත වශයෙන් 1987 මැදක් වන තුරුත් පොතෙන් බාගයක්වත් ලියා අවසන් කර තිබුණේ නැත. මේ අතර මා හිතවත් විමලසිරි ජයලත් සහ නුවරඑළියේ හේමපාල හැමදාමත් මා සමඟ කතා කරමින් සිටින විට කළ එක් විශේෂ දෙයක් නම් මගේ කතාව ලියා අවසන් කිරීමට මා පෙළඹවීමය. එහි ප්‍රතිපලයක් වශයෙන් 1987 අග බාගයේදී මම එක දිගට ලියන්නට පටන්
1987 නොවැම්බර් මාසයේ මා ගෙදරින් පිටව ගියේ කලාතුරකිනි. ඒ මාසය තුළ ගෙදරට වී මගේ කතාව එක දිගට ලිව්වෙමි. ඒ අනුව මගේ කතාවේ මුල් පිටපත 1987 නොවැම්බර් 30 වෙනිදා උදේ 11.40 ලියා අවසන් කිරීමට මට හැකි විය.
මගේ ජීවිතයට සම්බන්ධ හැම වැදගත් සිද්ධියක්ම වාගේ එක පොතකින් ලියා අවසන් කිරීමට බැරි තරම් සිද්ධීන්ගෙන් මගේ වවතය පිට ඇති නිසා සමහර සිද්ධි අතහැර දැමීමට සිදුවිය.
එමෙන්ම මා විසින් ලියන ලද මල්ලිගේ විත්ති, ගුවනින් ගිය සිත් සන්තොසින් ගුවනේදී බැඳී හොද මල්ලේරි කොරයෝ සහ සිරිකත සහ විල්මට, ඩී.බී. ධනපාලගේ විප්ලවය යන පොත්වල සඳහන් කර ඇති තොරතුරු මෙහි ලීවේ සංක්ෂිප්ත වශයෙනි." (පෙරවදන )
ගුණදාස ලියනගේ දැනට තිස්පස් වසරක පමණ කාලයක් ලේඛන කලාවේ නියැලෙමින්, ඊනියා විචාරක ශ්‍රේෂ්ඨයන්ගේ සාහිත්‍ය කුලවාදී පුශස්ති වලින් නොව. ස්වීය නිසග ප්‍රතිභාව, අඛණ්ඩ අභසාසය නොපසුබස්නා පරිශ්රමය මඟින් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයකු බවට පත් වූවෙකි. එහෙක් හේ නිර්මාණාත්මක සාහිත්‍යකරුවකු පමණක්ම නොවේ.
ගුණදය ලියනගේ දැහට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්රවෘත්ති පත්‍ර කරවරයෙකි. එසේම බොහෝ ඇසූ පිරූ හැන් ඇති ලේඛකයෙකි. ශ්‍රාවක හා ප්‍රේක්ෂක සිත් බැඳගත් ගුවන් විදුලි හා රූපවාහිනී ශිල්පියෙකි. හේ පුවත් පත් හා වෙතත් ප්‍රකාශන නිර්මකරුවන් ගේ පදයට නොනටන කතුවරයෙකු සේ සුපතලය. එනිසාම ඔහුට බොහෝ කල් එක ගැන රැදී සිටිය නොහැකි විය. ඔහු ගේ අත්දැකීම් පෝෂණය කරමින් ඔහුට වෙස් වලාගත් ආශිර්වාදයක් වූයේද එයමය.
ඩී.බී..ධනපාල විද්වතුන්නෝ සෙවනෙහි පත්‍ර කලාව උගත් ගුණදාස ලියනගේ සිංහල හා ඉංග්‍රීසි යන ද්වි භාෂාවෙන්ම එකසේ සමත්කම් දක්වන්නෙකි. ලංකාදීප ආයතනයේ සියලුම පත්‍රවල ප්‍රධාන කර්තෘ පදවිය ද සත්දින පහුයේ කළමනාකාර කර්තෘ පදවිය හා කල්පනා සඟරාවේ ආරම්භක කර්තෘ පදවිය ද දැරූ ඔහු. බටහිර ජර්මනියේ අන්තර් ජාතික පත්‍ර කලායතනයේ විශේෂ පුහුණුවක් ද ලැබුවෙකි. විවිධ රටවල සැරිසරා ලද දැනුම හා අවබෝධය ද ඒෂියාවීක් සඟරාවේ කොළඹ වාර්තාකරු ලෙස අට වසරක අත්දැකීම ද ඔහු සතුය.
මෙතෙක් ඔහු විසින් ලියා ඇති පොත් ගණන 28 කි.
මෙහිඳු ලේඛකයකු ගේ ස්වයං චටිතාපදාහය සහෘද ජනයාට හා විද්‍යා - කලා ක්ෂේත්‍ර වල විශේෂිත පුද්ගලයන්ට ගරාගත හැකි රන්ඉල්ලම් වලින් පරිපූර්ණ වනු නිසැකය. (දයාසේන ගුණසිංහ, පසුකවර සටහන)
පෙරවදන
දිවලකඩ - බෝතලේ යුගය
ඉංගිරියේ ගාමණී යුගය
හොරණ ශ්‍රී පාලි යුගය
ලංකාදීප යුගය 1
ගල් ඔය යුගය
චීන ප්රවෘත්ති යුගය
ගුවන් විදුලි යුගය
ලීවර් සහෝදර යුගය
ලංකාදීප යුගය 2
දවස, රැස යුගය
සිංහ කොඩිය යුගය
ලංකාදීප යුගය 3
නන්නත්තාරේ යුගය
සත්දින යුගය
කල්පනා යුගය
ප්රකාශනය : ජනජන ප්රකාශනයකි (ගුලිගේ පොතක්)
No comments:
Post a Comment