Tuesday, 9 January 2024

පත පොත - විසිපස් වැනි කොටස



පුවත්පත්  කලා සමීක්ෂා 

(ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශනයකි )


සංස්කාරක මණ්ඩලය : 

උපදේශක කර්තෘ - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර 

ප්‍රධාන සංස්කාරක - කේ. සයිමන් පෙරේරා 

සහාය සංස්කාරක - සරත් ජයසූරිය 

"පුවත්පත් කලාව අද ජනප්‍රිය විෂයක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙක් ඒ පිළිබඳ අවධානය යොමු කරති. දිවයිනේ විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යයන ආයතන කීපයක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විෂයක් වශයෙන් පුවත්පත් කලාව හදාරති. සමහර විට ශ්‍රී ලංකාවේ අනාගත ජනමාධ්‍යවේදීන් බිහිවන්නේ ඔවුන් අතරින් විය හැකිය.

පුවත්පත් කලාව යනු පුළුල් විෂයකි. එහෙත් ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුන පොත් පත්  ඇත්තේ ස්වල්පයක් පමණි.

"පුවත්පත් කලා සමීක්ෂා " ප්‍රකාශයට පත්කිරීමේ අරමුණු පිළිබඳව කෙටියෙන් මෙසේ සඳහන් කළ.හැකියි :

1. පුවත්පත් කලාව පිළිබඳ සනාතන අගයකින් යුත් උසස් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළකිරීම.

2.පුවත්පත් කලාව පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ කෙරුණ උසස් ශාස්ත්‍රීය ග්‍රන්ථ පිළිබඳ පවත්නා හිඟය යම් තරමකින් හෝ පියවීම.

3. පුවත්පත් කලාව හදාරන්නන්, වෘත්තීය පුවත්පත් කලාවේදීන් , පුවත්පත් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන පොදු පාඨකයා සහ අනාගත ශාස්ත්‍රාභිලාෂීන් වෙත යම් මෙහෙවරක් ඉටු කිරීම. (පෙරවදන )

ප්‍රකාශනය : ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය 

පළමු මුද්‍රණය : 1993

කවර නිර්මාණය : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 


සුප්‍රි සමරසිංහ [supprisamarasinghe@gmail.com]
 
 
 
 
 
 

No comments:

Post a Comment