Tuesday 9 January 2024

SPORTS NEWS PAPER & MAGAZINE

1.ක්‍රිකට් සූරයෝ
  Cricket Soorayoo 
 
 

මංගල කලාපය 
නිකුත්වු දිනය= 1997 අගෝස්තු මස 
ප්‍රධාන සංස්කාරක= රංජිත් රෑපානන්ද 
                                    බමුණුආරච්චි
ආරම්භක පිටු = 44 
ආරම්භක මිල = රු. 25.00
ප්‍රමාණය = 27.5Cm × 22 Cm
මුද්‍රණය = මහින්ද ප්‍රින්ටර්ස් - රාජගිරිය
ප්‍රකාශනය=  සිත්රේකා ප්‍රකාශන


                 එතෙක් දිනපතා හා සතිඅන්ත ජාතික පුවත්පත් තුල පිටුවකට පමණක් සීමාවූ ක්‍රීඩා තොරතුරු , 1996 වසරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව , රැල්ලක් මෙන් වේගයෙන් ජනප්‍රිය විය. 
 
එහි ප්‍රථිපලයක් ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී රසිකයන් වෙනුවෙන් මුද්‍රිත ක්‍රීඩා ප්‍රකාශන රාශියක් , රැල්ලක් මෙන් නිකුත් විය. එකල මෙරට ක්‍රිකට් උන්මාදයක් නිර්මාණය විය. 
                         ක්‍රිකට් සූරයෝ සඟරාව ද එවැනි පුවත්පත් ගොන්නක් අතරින් නිකුත්වු තවත් එක් ජනප්‍රිය සඟරාවකි. සෑම මසකම 1 දා නිකුත්වු සඟරාවෙහි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා ලොව තොරතුරු, , ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා දැනුම මෙන්ම ක්‍රිකට් ලොව අතීත තොරතුරු රැසකින් සමන්විතවේ. 

මේ වනවිට මෙම සඟරාව නිකුත් නොවේ. 


No comments:

Post a Comment