මිහිරෙහි මුල් පිටුවේ පළවූ කතා එකතු කරපු පොතක් රසිකයාගෙ ගෙදර තිබුණ. තාත්තා හදපු ඒ පොත දැන් නැතත් කතාවට ඇඳපු චිත්‍ර රසිකයාට තාම මතකයි. චිත්‍ර ඇඳළ තිබුණෙ නොයෙල් ලසන්ත කියන චිත්‍ර ශිල්පියා.
ඔහු මිහිර පත්තරේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වුණේ 1979 අවුරුද්දෙදි. ඔහු ඔහුටම ආවේනික වූ රේඛා රිද්මයකින් ළමා චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පියෙක්. මිහිර පත්තරේට ඇඳපු පිනෝකියෝ ළමා චිත්‍රකතාවට රසිකයා හරිම ආසයි.
ලංකාදීපයටත්, රසවාහිනී සඟරාවටත් විකට චිත්‍ර ඇන්ද ඔහු පසුව සතුට පත්තරේට සම්බන්ධ වෙනව.
සතුට පුවත්පතට ඇඳි මුල්ම චිත්‍රකතාව වූණේ "ඔබට මගේ පිහිටයි" යන කතාවයි. ඉන් පස්සෙ මධුරෙත් චිත්‍රකතා ඇන්ද. ලේක්හවුස් පුවත්පත් චිත්‍රයෙන් හැඩකළ නොයෙල් ලසන්ත මහතා පොත් කවර නිර්මාණ ශිල්පියෙකු ද වෙනව.
ලේක්හවුස් පුවත්පත් සඳහා විවිධ අකුරු රටා මැව්ණේ ඔහු අතින්. පසු කාලෙක ඔහු සිළුමිණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වුණා. තරුණි, සරසවිය හා සුබසෙත පුවත්පත් වලද කටයුතු කළා. 1983 දී ලේක්හවුස් ආයතනයේ සේවයෙන් ඉවත් වුණා.
ඔහු ඇඳි චිත්‍රකතා කිහිපයක් මේ.
• මිහිරට -පිනෝකියෝ
• සතුට-ලෝභ රජ්ජුරුවෝ, රූකඩ චුට්ටා, එමිල්, මැජික් කඩපත, කහඹිලියා ගෙත්තම, ගිනි පුළුන් පෙට්ටිය, ඔබට මගේ පිහිටයි රෑ කුමාරි, සයුරුතෙර, එක හිත, සටන් මැදින්, අහසට බැඳි ඉණිමං, සුදර්ශනා, දෙලොවක පෙම්වත්තු, සූර්‍ය් කාන්ත මල, භාග්‍යයේ අභාග්‍යය, ඉසිදාසි, ගැහැනිය නිසා උපන් අරාබි නිසොල්ලාසය, රිදී වීණාව, සහෝදර ප්‍රේමය
• මධුර-මැඩි කුමාරයා සුරංගනා කතාව ඉදිරිපත් කරන ලද්දේ රූප කතාවක් ලෙසය.
මීට,අමතරව සතුට පාඨක අත්දැකීම් ලෙස ඉදිරිපත් කළ එක දවසේ චිත්‍රකතා සහ විදේශ කෙටිකතා වලින් ඇඳපු එක දවසේ චිත්‍රකතා රාශියක් නොයෙල් ලසන්ත මහතා නිර්මාණය කළා.
No comments:
Post a Comment