Sunday, 14 January 2024

රසිකයා - විසිපස් වැනි දිග හැරුම


රසිකයා මුලින්ම කියවූවේ ම්හිර පත්තරේ බව මීට පෙර කියා ඇත.

මිහිර පත්තරේ මුල් පිටුවේ පළවූ කතා මෙන්ම අනිකුත් විශේෂාංග දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් ළමයින්ගේ සිත් ගන්නා අන්දමින් හැඩවැඩ ගැන්වූ අයුරු රසිකයාට හොඳින්ම මතකය.

මුල් යුගයේ මේ කතා සඳහා චිත්‍ර ඇන්දේ       මිහිරෙහි මුල්ම ප්‍රධාන චිත්‍ර ශිල්පියා වූ හරිප්‍රිය ගුණසේකරයි මහතායි. පසු කලෙක නොයෙල් ලසන්ත මහතා ද ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස මිහිරට  එක් වුණා. ඔහු ගැන මතකය ගිය වර රසිකයා ඉදිරිපත් කළා. මේ හරිප්‍රිය ගුණසේකර මහතා ගැන මතකය යි.
මුල් යුගයේ මිහිරෙහි මැද පිටුව වෙන් කර තිබුණේ "වැලිබත-සෙල්ලම් පාසල" නම් විශේෂාංගයටයි. වැලිබත රසවත්ව කවියෙන් ලියුවේ පියසේන රතුවිතාන මහතායි. හරිප්‍රිය ගුණසේකර මහතා වැලිබත චිත්‍ර ඇඳ හැඩවැඩ  කළේය. මිහිර මුල්ම කලාපය සැරසුණේ ද ඔහුගේ චිත්‍ර වලිනි.

ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියෙකු ලෙස වෘත්තීය කලා ජීවිතය ආරම්භ කළ හරිප්‍රිය ගුණසේකර මහතා මිහිර ආරම්භයේ සිට එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියාය.



1958 වසරේ සිට 1960 වසර දක්වා යුගයේ දවස පුවත්පතේ මුල් පිටුවේ පළවූ අබරං සීයාගේ දවසේ කියමන් ඇන්දේ හරිප්‍රිය ගුණසේකර මහතායි. අබරං සීයා කාටුනය නිර්මාණය කළේ ද ඔහුයි. 

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කිහිපයකට නිර්මාණ දායකත්වය ලබා දුන් ඔහු 1976 සිට සුබසෙත පුවත්පතේ සම කර්තෘ විය. 1995 වසරේ දී ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගොස් ඇත.

 
 ©සුප්‍රි සමරසිංහ 
 
 
 
 
 
 

No comments:

Post a Comment