ශබ්දකෝෂ සම්පාදනය විවිධ භාෂා වෙනුවෙන් හා විවිධ විෂයයන් වෙනුවෙන් කෙරෙයි.
සන්නිවේදනය හා ජනමාධ්‍ය ලෝකයට අදාළ වචන හා යෙදුම් එක් රැස් කොට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සම්පාදිත ශබ්දකෝෂය හඳුන්වා දී ඇත්තේ "සන්නිවේදන ශබ්දාකරය" නමිනි.
"සන්නිවේදන ක්ෂේත්‍රයට ප්‍රවේශවී එහි විවිධාකාර යෙදුම් එක්රැස් ඒවායේ ගැබ්වූ අර්ථ පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය කාර්‍යයකි.
මේ සඳහා කාලය හා ශ්‍රමය කැපකළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සන්නිවේදන ශබ්දාකරය පුරෝගාමී පර්‍යේෂණ කෘතියක් වේ.
එමගින් සන්නිවේදන විද්‍යාර්ථයින්ගේ ජනමාධ්‍ය කරුවන්ගේ සහ පොදු පාඨකයින්ගේ විෂයයික දුෂ්කරතාවන් මගහරවා ගැනීමට මං පෑදෙන බව නිසැකය." (පසුපිට සටහන, ආචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ)
මෙම ශබ්දකෝෂය පරිශීලනය කිරීමෙන් පුවත්පත් කලාව හා මාධ්‍ය අධ්‍යයනය හදාරන විද්‍යාර්ථයින්ට හා ජනමාධ්‍ය වේදීන්ට සිය විෂය පථය පිළිබඳව මාහැඟි දැනුමක් ලැබෙයි.
ප්‍රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ
පළමු මුද්‍රණය : 1997
කවර නිර්මාණය : සේන නානායක්කාර
මිල රුපියල් 350/=
No comments:
Post a Comment