Monday, 4 December 2023

පත පොත - ව්සි දෙවැනි කොටස



සත්‍යවාදියකුගේ දිනපොත - සුනිල් 
                                    මාධව ප්‍රේමතිලක

පුවත්පත් තීරු ලිපියක් නැතිනම් කොලමක් පුවත්පතක් විචිත්‍රවත් කරයි. තීරු ලිපි නොයෙක් විෂයයන් පිළිබඳව නොයෙක්  ආකාරයෙන් ලියවෙයි. ඒවා පාඨකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට තරම් සරල එසේම ගැඹුරු විය යුතුය. 

"සත්‍යවාදියකුගේ දින පොත ' මගේ දිගු පුවත් පත් කලා ජීවිතයේ ආත්මය ලෙස මම සලකමි. එසේ වීමට එක් හේතුවක් වන්නේ එය මගේ ජීවිතයට ද ඉතා සමීප වීමය. තවත් හේතු ඇත. මා ජනතාවට සමීප වූයේත්, මැර ප්‍රහාර වලට ලක්වූයේත්, පොලිස් කුඩු වල සිරවූයේත්, රජයේ අනුග්‍රහය ලත් සැබෑ මිනීමරුවන්ගේ ඉලක්කයක් බවට පත්වූයේත් මෙම දිනපොත නිසාය.

එය මගේ ආත්මය වන්නේ එහෙයිනි.

එක් දහස් නවසිය අසූපහේ එක් දිනක "දිවයින" පුවත් පතේ ප්‍රධාන කර්තෘව සිටි එඩ්මන්ඩ් රණසිංහ මහතා මට කතා කළේය.

" පටන් ගන්නවකො අලුත් කොලම් එකක්."

ඔහු කීවේ එපමණය.

මම දින දෙකක් කල් ඉල්ලා ගත්තෙමි. ජේ. ආර්. ජයවර්ධනගේ දේශද්‍රෝහී ඒකාධිපති පාලන ක්‍රමයට එරෙහිව ඉතා සියුම් සහ සරල ලෙස ජනතාව දැනුවත් කළ යුතු බව මම එම කාලයේ දී තීරණය කර සිටියෙමි. එම තීරණයේ එක් අංගයක් වුයේ මා සංස්කරණය කළ 8 වැනි පිටුව ය. අනෙක සත්‍යවාදියකුගේ දිනපොතය.

අලූත් තීරු ලිපිය දිනපොතක් ලෙසින් ලියන්නට අදහස් කළේ මා සිතන දේ පමණක් නොව අසන දේත් දකින දේත් කියවන දේත් එහි ලිවිය හැකි නිසාය.

කෙසේ වුවද, මෙම විශේෂාංග දෙකම වැඩි කලක් කරගෙන යන්නට හැකිවුයේ නැත. රජයේ බලපෑම් නිසා ඒවා නවත්වන ලෙසට අණ ලැබුණා පමණක් නොව "දිවයින" කන්තෝරුවෙන් දොට්ට බසින්නට ද මට සිදු විය.

කෙසේ වුව ද, ඉන්පසුව මා සේවය කළ "ලක්මිණ", "ලක්දිව", සහ "හිරු" පුවත්පත් වලට ද "සත්‍යවාදියකුගේ දිනපොත '' ලියන්නට සිදු වූයේ පාඨකයන්ගේ ඉල්ලීම නිසාය." (පොතක පසුබිම)


ප්‍රකාශනය : ඇස් ගොඩගේ සහ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 1995 (මේ දෙවන මුද්‍රණයයි 1999)

පිටකවරය : මනෝරා ප්‍රභාති ප්‍රේමතිලක

මිල රුපියල් 150/=


(සුප්‍රි සමරසිංහ )



No comments:

Post a Comment