Saturday, 2 December 2023

පත පොත - විසි එක් වැනි කොටස




මමයි පත්තරයයි- නෝමන් පලිහවඩන

චරිතාපදාන විවිධ ස්වරූප ගනියි. කෙනෙකු සිය වෘත්තීය ජීවිතය විදහා දක්වමින් චරිතාපදානයක් ලියනු ලබයි. තවත් කෙනෙකු සිය කලා ජීවිතය අළලා ලියනු ලබයි. මෙවැනි චරිතාපදාන වලින් ඉස්මතු වන ප්‍රධාන කාරණයක් නම් ඉන් කලා ඉතිහාසය හෝ අදාළ වෘත්තීය ඉතිහාසය හෙළිවීමය.

නෝමන් පලිහවඩන මහතාගේ "මමයි පත්තරයි" නැමැති පොත ඔහුගේ පුවත්පත්කලා ජීවිතය අළලා ලියන ලද්දකි. 

"ලේක්හවුස් ආයතනයේ ඉදිරි පඩි පෙළ මාගේ මාධ්‍ය ජිවිතයේ අමතක නොවන සිහිවටනයකි. 1970 සභාග රජය පැවති සමයේ දී එවකට ප්‍රවෘත්ති ඇමැතිව සිටි ආර්. එස්. පෙරේරා මහතාගේ මාර්‍ගයෙන් මම, කිරිබත්ගොඩ සමූහ වාර්තාකරු ලෙස ලේක්හවුසිය ට සම්බන්ධ වූයෙමි.

ලේක්හවුසියට සම්බන්ධ වීමට පෙර මා "ඇත්ත" පුවත්පතේ නිදහස් වාර්තාකරුවකු ලෙස හා ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කර තිබුණි. ලේක්හවුසියට ඒමට එයද පිටි වහලක් විය. "ඇත්ත" ට ඒමට අත දුන්නේ ලේක්හවුසියේ වත්මන් ඡායාරූප කර්තෘ නිමල් පිටිපන මහතා ය.

කෙසේ වෙතත් මා මාධ්‍ය ක්ෂේත්‍රයේ මුලින්ම “අ” යන්න හැදෑරුවේ ශ්‍රී ලංකාවේ අති පැරණි පුවත් පත වන "ඥානාර්ථ ප්‍රදීපය”ට වාර්තා සැපයීමෙනි. ඒ සඳහා මට උදව් කළේ දැනට අනුරාධපුරයේ රදගුරු ලෙස ක්‍රියා කරන ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ ය. එතුමා එවකට එම පුවත්පතේ කර්තෘ පියනම ලෙස කටයුතු කළේ ය. නෝබට් මාවලගේ හා හෙක්ටර් වෙල්ගම්පල යන මහත්වරු මෙන් ම අර්නස්ට් පෝරුතොට පියතුමා මාගේ ලේඛන කලාවේ ගුරුවරු වූහ." (පිටුව 9)

"පුවත්පත් කලාවේදියකු ලෙස වසර විසි පහකට අධික කාලයක් පුරා මා ලද අත් දැකීම් එමටය.

මේ අත් දැකීම් අලුතින් මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන නවකයින්ට, සිය කාර්ය භාරයෙහිලා මහඟු අත් වැලක් වනු ඇත.

මාගේ මාධ්‍ය අතීතය ආවර්ජනය කරමින් අද මම මහත් තෘප්තියක් ලබමි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවීම මහත් කැපවීමකින් සහ උනන්දුවකින් කළ යුතු උසස් කාර්යයකි. මෙය තේමා කරගෙන මා ආ මේ දිගු ගමන නව පරපුරේ මාධ්‍යවේදීන්ටද ආදර්ශයක් වනු ඇතැයි මම සිතමි.

පාසල් වියේදී "ජනතා” පත්‍රයේ කුමාර මණ්ඩපයට උතුවන් කන්දේ ප්‍රියංවදා එම්. මඩවල, මාතලේ උදුලා, ශ්‍රියානි ජයවීර, ගාමිණී කාරියවසම් (දැන් අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්) සමග මමද තරගයට මෙන් ලිපි කථා හා විශේෂාංග සැපයුවෙමි.

ජනතා කුමාර මණ්ඩපයේ වැඩිපුරම පළවූයේ අප සිව් දෙනාගේ ලිපිය

කුඩා කාලයේ ඉතා ලැදියාවෙන් පුවත් පත් කියවන මා ස්ථිරවම අදිටන් කළේ කවදා හෝ ලේඛකයකු වීමටය." (පෙරවදන)

ප්‍රකාශනය : ජනප්‍රිය ජයසිංහ ප්‍රකාශනයකි 

පළමු මුද්‍රණය : 1998

පිටකවරය : ශාන්ත කේ හේරත් 

මිල රුපියල් : 100/=

(සුප්‍රි සමරසිංහ)

 


 

No comments:

Post a Comment