පත පොත - විසි වැනි කොටස
ප්‍රචාරණය- බන්දුල පී දයාරත්ත
පුවත්පතක පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වෙන්නේ වෙළඳ ප්‍රචාරක දැන්වීම් පළකිරීමෙන් ලබා ගන්නා ආදායමයි.
වෙළඳ ප්‍රචාරණය ද කලාවකි. මෙම පොතෙහි අධ්‍යයනය කළ යුතු කරුණු රාශියක ඇතුළත් වෙයි. එනම් දැන්වීම්කරුවෝ, දැන්වීම් නියෝජිත ආයතන, මාධ්‍ය ආයතන යන්නයි.
"ප්‍රචාරණය' සම්බන්ධයෙන් සිංහල මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වන ප්‍රථම මුලාශ්‍ර ග්‍රන්ථයයි මේ. ප්‍රචාරණයේ පැති තුන වත, දැන්වීම් කරු මාධ්‍ය ආයතන හා දැක්වීම නියෝජිත ආයතක පිළිබඳවත්, එහි සන්නිවේදන හා අලෙවිකරණ පසුබිම පිළිබඳවත් ශාස්ත්‍රීය කරුණුවලින් මෙම ග්‍රන්ථය සමන්විත වේ. ප්‍රචාරණ කර්මාන්තයෙහි යෙදෙන්නන්ට මෙන්ම යෙදීමට බලාපොරොත්තු වන්නන්ටත්, ප්‍රචාරණය පිළිබඳ ඉගෙනුම් - ඉගෙනිම කාර්යයෙහි යෙදී සිටින්නන්ටත් පොදුවේ ප්‍රචාරණය භාවිතා කරන්නන්ටත් මෙය අගනා මුලාශ්‍ර ග්‍රන්ථයකි.
"ප්‍රචාරණය' ග්‍රන්ථය සම්පාදනය කළ බන්දුල පී. දයාරත්න මහතා දනට ජාතික අධ්‍යාපන ආයතකයෙහි නොවිධිමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරීවරයකු ලෙස සේවය කරයි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් වාණිජ (විශේෂ) වේදී උපාධිය හිමි කර ගෙන ඇති දයාරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාලාභියෙකි.
(පසුපිට සටහන- රංජිත් හේවාබටගේ සහකාර අධ්‍යක්ෂ ප්‍රචාරණ ජාතික තරුණ සේවා සභාව)
"අලෙවිකරණ ප්‍රවර්ධනයෙහි ලා ප්‍රචාරණය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. එම නිසා ප්‍රචාරණය අලෙවිකරණයේ එක් කොටසකි. දෙවනුව ප්‍රචාරණය සඳහා දැන්වීම් නිර්මාණය කිරීම කලාවක් වේ. ප්‍රචාරණය යන පදය වෙනුවට දැන්වීම් කලාව යන පදය සමහර තැන්හි යෙදෙන්නේ මේ නිසාය. තුන් වෙනුව එය සන්නිවේදන කාර්යයක් බවටද පත් වේ. විවෘත ආර්ථිකය බිහිවීමත්, රූපවාහිනිය හා නූතන මුද්‍රණ තාක්ෂණය පරිහරණය නිසාත්, ප්‍රචාරණය ආර්ථික හා සමාජීය පද්ධතිය කෙරෙහි මහත් බලපෑම් කරමින් දැවැන්ත ලෙස විහිදී ඇත." (කර්තෘගෙන්)
"අතිශයින්ම පුලුල් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේ අනිවාර්‌ය අංගයක් වූ ' ප්‍රචාරණය ' දියුණු හා දියුණු වෙමින් පවතින රටවල සන්නිවේදන පාඨමාලාවල නොවරදවාම උගන්වන - අවධාරණය කරන පැත්තකි. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය එතරම් සතුටුදායක අන්දමින් සිදු නොවේ. සිංහලයෙන් ලියූ. දේශීයත්වයට හා දේශීය සංස්කෘතියට උචිත පොත් පත් නැති වීම මෙම තත්ත්වය ඇති වීමට එක් හේතුවක් විය හැකිය. බන්දුල පී. දයාරත්න මහතාගේ මෙම කෘතිය වැදගත් වන්නේ ඒ නිසාය. ප්‍රචාරණය පිළිබඳව සන්නිවේදන සිද්ධාන්ත මත පදනම් වූ සන්නිවේදන හා අලෙවි කරණ ස්ථාවරයක සිට ලියූ ප්‍රථම සිංහල ග්‍රන්ථය මෙය බව සතුටින් ප්‍රකාශ කරමි." (හැඳින්වීම - ආචාර්ය නන්දන කරුණානායක )
ප්‍රකාශනය : එස් ගොඩගේ සහෝදරයෝ
පළමු මුද්‍රණය : 1994
කවර නිර්මාණය : කේ.එම්.අයි. ස්වර්ණසිංහ
මිල රුපියල් 100/=
( සුප්‍රි සමරසිංහ)
No comments:
Post a Comment