Saturday 18 November 2023

පත පොත - දහනව වැනි කොටස



ඡායාරූපමය පුවත්පත් කලාව - උදිත ගයාෂාන් ගුණසේකර 

ඡායාරූපය පුවත්පතකට නැතුවම බැරි අංගයකි. ඡායාරූපය හා පුවත්පත අතර ඇති සම්බන්ධය කුමක්ද ? 

"ඡායාරූපමය පුවත්පත් කලාව නමින් අප විසින් හඳුන්වනු ලබන සන්නිවේදන ප්‍රවණතාව එතරම් දීර්ඝ ඉතිහාසයක් සහිත විෂයයක් නොවේ. ඡායාරූපයක් පුවත්පතක පළකිරීම යන ක්‍රියාවට වුවද පවතිනුයේ වසර 150 කට මඳක් වැඩි යටගියාවකි. එහෙත් මෙම කාලය තුළ ඡායාරූපමය පුවත්පත් කලාවට හසු නොවූ භෞතික මානයක් නොමැති තරම් ය. ඒක සෛලික ජීවියෙකුගේ පටන් ක්‍ෂීර පථයේ ඈත කෙළවර වූ ග්‍රහ වස්තූන් දක්වා අරමුණු දෘශ්‍ය වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට ඡායාරූපය සතු සුවිශේෂ ශක්‍යතාව මේ පෘථුලත්වයට මූලික හේතුව වේ.

ඡායාරූපමය අර්ථ සම්පාදනය යනු එබඳු විස්තෘත ප්‍රකාශන කලාවක් වුවද එහි ඵලදායි යෙදීම් හා ඇගයීම් පිළිබඳ ශාස්ත්‍රීය ලෙස සාකච්ඡා වී ඇත්තේ අල්ප මාත්‍ර වශයෙනි. ශ්‍රි ලංකාවේ නම්, ඉඳහිට පළ වූ ලිපි කිහිපයක් හැර මෙතෙක් මෙම ප්‍රස්තුතය පිළිබඳ කිසිදු විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු වී නොමැත. ආශ්‍රිත කලාපීය බලවතා වන ඉන්දියාවේ පවා ඡායාරූපමය පුවත්පත් කලාව පිළිබඳ ශාස්ත්‍රිය මානයන් ස්පර්ශ කෙරෙන ග්‍රන්ථයක් පළ වී නොමැත." (පූර්විකාව )

"ඡායාරූපයක් පුවත්පත් පිටුවක ප්‍රතිනිර්මාණය කිරීමෙන්, වචන සමූහයක් පුවත්පතෙහි මුද්‍රණය කළ විට ගොඩනැගෙන සන්නිවේදන ප්‍රතිඵලයට වඩා වෙනස් වූ අත්දැකීමක් ජනිත වේ. එහෙත් පුවතක් ගැන කරුණු ඉදිරිපත් කිරිමේ දී කිව යුතුව ඇති සියල්ල ඡායාරූපයෙන් ම පමණක් ප්‍රකාශ කිරිම ද දුෂ්කර බව හැඟේ. එවිට ඊට ආධාරක වශයෙන් වචනය ද යොදනු ලබයි.

මෙහි අනික් පැත්තද මේ හා සමාන ම ය. යමක් කොපමණ වචන වැය කරමින් පැහැදිලි කළ ද තත්වාකාරය අවබෝධ කරදීම දුෂ්කර වන අවස්ථා බොහෝ ය. මෙවිට වචනයේ, නොඑසේ නම් භාෂාවේ සහාය පිණිස ඡායාරූප ද ඉදිරිපත් කෙරේ."(හැඳින්වීම )


ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය 

පළමු මුද්‍රණය : 2000

පිට කවරය : උදිත ගයාෂාන් 

මිල රුපියල් 300/=

( සුප්‍රි සමරසිංහ)
 
 

No comments:

Post a Comment