Tuesday 7 November 2023

පත පොත - දහඅට වැනි දිග හැරුම




ළමා පත්තර කලාව, පත්තර කලාවේ වෙනම ප්‍රවර්ගයකි. ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කරන කුමන නිර්මාණයක දී වුව විශේෂ සැළකිල්ලක් දැක්වීම අනිවාර්ය සාධකයකි. එය නිර්මාණාතමක මෙන්ම අධ්‍යාපනික හා මනෝවිද්‍යාත්මක පසුබිමක සිදුවිය යුත්තකි. 

"දැවැන්ත ආර්ථික හා සමාජ පරිවර්තනයකට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. එය බොහෝ දුරට රැඳී ඇත්තේ අධ්‍යාපනමය ප්‍රතිසංස්කරණ මතය. මේ පිළිබඳව ලොව අන් රටවලිනු දු කොතෙකුත් නිදසුන් සැපයිය හැකි ය. අධ්‍යාපනය රජයේ කාර්ය භාරයක් පමණක් නොවේ. එය හැම මිනිසකුම සතු වගකීමකි. එහිදී ගුරුවරයා සහ අධ්‍යාපන මාධ්‍ය වේදියා සුවිශේෂිත වේ. එබැවින් මෙම දෙපක්ෂයටම වැදගත් වන කෘතියක් ලිවීමට මම කල්පනා කළෙමි.

ළමා පත්තර කලාව සම්බන්ධයෙන් අප රට දක්නට ලැබෙන්නේ දශක තුනක තරම් කාලයක දිව ගිය කෙටි ඉතිහාසයකි. නුමුත් දැන් ඒ පිළිබඳව ඇති ප්‍රවණතාව දැඩිව වර්ධනය වෙමින් පවතී. එහි කදිම නිදසුන නම් ප්‍රවෘත්ති මාධ්‍ය වේදයෙන් බැහැරව අධ්‍යාපන මාධ්‍යවේදයක් අප රට හඳුනා ගැනීමය. මේ නිසා අධ්‍යාපන මාධ්‍යවේදය ආශ්‍රීයව ළමා පත්තර කලාව විමසමින් ප්‍රතිවීමසුමින් බලන්ට මට සිත් විය." (පෙරවදන )

ප්‍රකාශනය : සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමගම

පළමු මුද්‍රණය : 2002

මිල රුපියල් 125/=

(සුප්‍රි සමරසිංහ )

 

 <<දාහත්වැනි කොටස කියැවීමට 

දහනව වැනි කොටස කියැවීමට 👉 

 

No comments:

Post a Comment