Tuesday 7 November 2023

රසිකයා - දහහත් වැනි දිගහැරුම


ළමයින් රස කැවිලි වැනි රසවත් කෑම කන්නට කැමතිය. ළමයින්ට දිය යුත්තේ හොඳම දේ යැයි කියමනක් රසිකයා අසා ඇත. ළමයින්ට දිය යුත්තේ රසවත් මෙන්ම ගුණවත් දේ යැයි රසිකයා සිතයි. 

"මී පැණි" යනු රසවත් මෙන්ම ගුණවත් ආහාරයකි, ඖෂධයකි. මල් පැණි තුඩින් ගෙන යන මී මැස්සන් මී වදයක් තුළ මී පැණි රැස් කරයි.

මී පැණි" එවැනි රසවත් මෙන්ම හරවත් ළමා චිත්‍රකතා පත්තරයකි. "පොඩිත්තන් ගේ චිත්‍රකතා පත්තරය"

ලෙස හඳුන්වා දෙමින් මේ "මී පැණි" දොරට වැඩියේ 1980 සැත්තැම්බර් මස පළමුවැනිදා සඳුදා දිනය. එහි සංස්කාරකවරුන් වූයේ චන්ද්‍රරත්න මාපිටිගම සහ සේනක ටයිටස් ය. මිල රුපියල් 1/50 කි. 

"මී පැණි" වැනි "මී පැණි" යනුවෙන් මංගල කලාපයේ සංස්කාරක සටහනේ මෙසේ ලියා ඇත.

" චිත්‍ර කතා වලින් බාල පරපුර විනාශයි"මෙය අද දසතින්ම නැගෙන චෝදනාවක් වී ඇත. චිත්‍ර කතා මගින් ඉදිරිපත් කැරෙන්නේ බොළඳ ප්‍රේම කතා යයි චෝදනා නගන මොවුහු ඒ හා සමාන කතා රැගත් සිනමාව, රූපවාහිනිය, නවකතා වැනි මාධ්‍යයන් ගැන කතා නොකරති. එම මාධ්‍යයන් ගැන කතා නොකිරීමෙන් පැහැදිලි වන්නේ වඩාත්ම බලපෑමක් කළ හැකි ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යය " චිත්‍රකතාව '' බව මොවුන් පවා අද පිළිගෙන තිබීමයි.

ඒ අනුව ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යය " චිත්‍ර කතාව '' නම් ළමා සාහිත්‍යය වැනි විෂය ක්ෂේත්‍ර පවා චිත්‍ර කතා මගින් ඉදිරිපත් කිරි මෙන් ළමා සිත් තුළ වඩා බලපෑමක් කළ හැකි බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු වේ. .....මේ කරුණු පෙර දැරි කරගෙන ළමා සාහිත්‍යය චිත්‍රකතා මගින් ළමා සිත් තුළ වඩාත් ප්‍රබල ලෙස රෝපණය කිරීමට ගත් වෑයමකි " මී පැණි ''. ළමුන්ට සුදුසු චිත්‍ර කතා නැතැයි යන චෝදනාවට එල්ල කරන අභියෝගාත්මක පිළිතුරකි " මී පැණි. '' " මී පැණි " යේ කතා මී පැණි මෙන් රසවත්ය."

මී පැණි පත්තරයේ මී පැණි වැනි කතා ලබන සතියේ......

( සුප්‍රි සමරසිංහ )
 
 
 

No comments:

Post a Comment