රසිකයා
රසිකයා පසුගිය සතියේ මී පැණි ගැන ටිකක් කතා කළා මතක ඇති. මේ ඉතිරි ටිකය.
මී පැණි මංගල කලාපයේ මුල් පිටුව සැරසුණේ රංජිත් නයනානන්ද ගේ චිත්රකතාවකිනි. එහි පළවූ අනික් චිත්‍රකතා මෙසේය.
• රංජිත් නයනානන්දගේ -බක බක නයිදෙ (කතාව-සුගන්ධි මාපිටිගම), රොබෝ සිංඤොගෙ පැටව්, පැන්සලයා සහ මකනයා, සීනි බබා (කතාව -චන්ද්‍රරත්න මාපිටිගම)
• රංජන් පරණවිතානගේ-අන්දරේගෙ පුතා (කතාව - නන්දසිරි මාපිටිගම), බිංදු.
• ජැක්සන් ඇන්තනී ගේ-හිච්චි පිංචි
• සීනු සාදන්නාගේ දුව (කතාව තලංගම ප්‍රේමදාස, චිත්‍ර තිස්ස ඉලන්කෝන්)
• HAPANA (කතාව බන්දුසේන මාලගේ, චිත්‍ර ධනපාල ගාල්ලගේ )
• ගුඩු ගුඩු සයිකලේ (කතාව ලීලාරත්න වඩුගේ, චිත්‍ර අසංඛ ගුණසේකර)
• සිහිනයක් නොවේ (කතාව තලංගම ප්‍රේමදාස, චිත්‍ර මොරගල්ලේ ස්ටැන්ලි )
• ජාතික කතා පොතින් (සරත් අනුරසිරි)
රසිකයා සිතන්නේ මෙවැනි ළමා කතන්දර චිත්‍රකතා ලෙස ඉදිරිපත් කරන්නේ නම් ළමයි කියවීමට හුරුවන බවයි.
ඒ නිසා ජාතක කතා, සුරංගනා කතා, ජන කතා ඉතිහාස කතා ආදිය ළමයින්ට ඉගැන්වීම සඳහා හොඳ මාධ්‍යයක් ලෙස චිත්‍රකතා උපයෝගී කරගත හැකිය.
රසිකයා කුඩා අවදියේ කියවීමට හුරු වූයේ ළමා චිත්‍රකතා කියවීමෙන් බව නැවත නැවතත් කිවයුතු තරම් වැදගත් දෙයකි. රූපවාහිනිය හා ජංගම දුරකතනය නිසා ළමයි කියවීමෙන් ඈත් වෙන බවට මැසිවිලි නගන මේ කාලයට ඒ අදහස වඩාත් වැදගත් වෙයි.
මී පැණි වැනි ළමයි වෙනුවෙන් ම වෙන්වූ චිත්‍රකතා පත්තරයක් තිබුණේ කොතරම් අගේද. ඒ රසිකයාට හිතෙන හැටිය.
[සුප්‍රි සමරසිංහ]
No comments:
Post a Comment