Sunday 12 November 2023

YOUTH NEWS PAPERS

 6. යොවුන් ජනතා 
   Yovun Janatha 
 




 

 


 
 
 
නිකුත්වූ දිනය- 1978 ජනවාරි 14
ආරම්භක ප්‍රධාන කතෘ- ධර්මසිරි ගමගේ
ආරම්භක මිල - රු. 1.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 37Cm × 29 Cm
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන 
මුද්‍රණය- ලේක් හවුස් මුද්‍රණාලය

                 වර්තමානයේ මෙරට බොහෝ ජනප්‍රිය ලේඛකයන් රැසක් සඳහා, එවකට 
 සිය ආධුනික නිර්මාණකරණය සඳහා මග හෙලිපෙහෙලි කර දුන් පුවත්පත වනූයේ ධර්මසිරි ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ යොවුන් ජනතා පුවත්පතයි.
                   පාඨක කෙටිකතා , නවකතා , පාඨක නිර්මාණ , යොවුන් කලා පුවත් , විමර්ශනාත්මක ලිපි, කතෘ ට ලිපි, චිත්‍රපට කතා , ලෝක දේශපාලන අර්බුද, එතෙර යන ඔබට ව්‍යවහාරික ඉංග්‍රීසි වැනි විශේෂාංග රාශියකින් පුවත්පත සමන්විතව තිබේ. ආරම්භක අවධියේ සිට පුවත්පතෙහි මුල් කවරය සිතුවමකින් හැඩ ගැන්වුවත් පසුකාලීනව චායාරූප වලින් කවරය නිමවා තිබේ.
                   වසර 28 ක පමණ කාලයකින් පසුව පුවත්පත වෙළෙඳ පලෙන් ඉවත්වූවත්, මෑත කාලීනව ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ දිනපතා නිකුත්වු දිනමිණ ජාතික පුවත්පත සමඟ අතිරේකයක් ලෙස " යොවුන් ජනතා " පුවත්පත නැවත නිකුත් කෙරිණ. කෙසේ වෙතත් මේ වනවිට එම අතිරේක පුවත්පත ද නිකුත් නොවේ .
 
 
 
 




 


No comments:

Post a Comment