Saturday, 18 November 2023

රසිකයා - දහ නම වැනි දිගහැරුම



          කෙටි කලකින් නැවතුනද කැමිලස් ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වූ "ත්‍රාස" යනු රසිකයා කියවූ හොඳ චිත්‍රකතා පත්තරයකි. "ත්‍රාස" යන නමින් ත්‍රාසජනක චිත්‍රකතා පොත කොටස් දෙකකින් පාඨකයාට තිළිණ කළ ගුණපාල ජයලත් මෙහි සංස්කාරකයි. ඔහු සංස්කරණය කළ අනිත් චිත්‍රකතා පත්තරය වන්නේ "විශ්ම"යි "සතිපතා නිකුත්වන හොඳ චිත්‍රකතා පත්තරයක්" ලෙසින් හඳුන්වා දෙමින් ත්‍රාස වෙළඳ පොළට නිකුත් වන්නේ 1993 මැයි 17 වැනිදා සඳුදා ය. මිල රුපියල් 10/=. 

            "වනිතා විත්ති"යෙහි පළවූ සුසිල් ප්‍රේමරත්න ගේ "රිදී කුමාරි" චිත්‍රකතාව මෙහි නැවත පළ කිරීම ව්ශේෂයකි. තවත් විශේෂ කරුණක් වන්නේ ඉතා ජනප්‍රිය සිනමා පටයක් වූ "ටයිටනික්" මෙහි චිත්‍රකතාවක් ලෙසින් ඉදිරිපත් කිරීමය. (ටයිටනික් පෙම් යුවලගේ පින්තූරයක් ද මංගල කලාපය සමග තිළිණ කර ඇත.)

 ත්‍රාස පත්තරයට දායක වූ නිර්මාණ ශිල්පීන් මෙසේය. සුසිල් ප්‍රේමරත්න, ගුණපාල ජයලත්, බන්ධුල කුමාර, රෆීක් ඩීන්, ශ්‍රී ලාල් නානායක්කාර, ගාමිණී අබේකෝන්, කුමාර් සොයිසා, ටී.ඩී. අබේසූරිය, සුනිල් වික්‍රමාඅරච්චි, ඉෂාන් සේනක, ටෙරිල් ශාන්, නිලන්ත ඩී ව්දානාආරච්චි, සරත් මහින්ද සිරි, අනෝමා ගංගොඩ, ලාල් පියදේව, හේමන්ත සනත්, ප්‍රසන්න පෙරේරා. 

 මංගල කලාපයේ පළ වූ චිත්‍රකතා : රෝස සුවඳයි ආදරේ, හතරේ පහර, ටයිටනික්, බිසෝ කන්ද, මායා ඔටුන්න, ගෝනුස්සා, මම තවම ආදරෙයි. නපුරු කුමාරී, හතරයි පනහ, දුනුකේ යාය. 

 අනූව දශකයේ විවිධ අන්දමින් චිත්‍රකතා ප්‍රකාශන බිහි වුවද ඒවායේ පැවැත්මක් නොතුබුණු බවය රසිකයා ගේ කල්පනාව. ඊට හේතු වන්නට ඇත්තේ ඒ වනවිට රසිකයින් චිත්‍රකතාවෙන් ඉවත්ව සිටීම විය හැකිය. තවත් කාරණා ද ඊට බලපාන්නට ඇත. ඒවා ගැන පසු විපරමක් කළ යුතුය යන්නයි රසිකයා ගේ අදහස.

 (සුප්‍රි සමරසිංහ )
 
 
 
 

No comments:

Post a Comment