ගිය වසරේ චිත්‍රකතා රසිකයින් වෙත පිරිනැමුණු "සිත්තරා" වෙබ් චිත්‍රකතා ප්රකාශනය ඉන් එකකි. අලුත් චිත්‍රකතා, පරිවර්තිත චිත්‍රකතා ඇතුළු තවත් චිත්‍රකතා සහ විශේෂාංග සිත්තරා වෙබ් චිත්‍රකතා ප්රකාශනයේ පළ වෙයි. අතුල සිරිවර්ධන ගේ "පළිඟු" සහ අනුර විජේවර්ධන ගේ "අළු යට ගිනි" යන පැරණි චිත්‍රකතා ද එහි පළ වෙයි. "රත්තරං ඉල්ලම" චිත්‍රකතා ද මීට පෙර පළවිය.
"හෙළරූ" චිත්‍රකතා වෙබ් අවකාශය චිත්‍රකතා ලෝකයට එකතු වන්නේ ද ගිය වසරේය. පැරණි චිත්‍රකතා පත්තර විස්තර, චිත්‍රකතා ශිල්පී තොරතුරු සහ "මායා මාන" අලුත් චිත්‍රකතාව ආදිය හෙළරූ තුළින් චිත්‍රකතා රසිකයින් වෙත පිරි නමයි.
නව වසරේ රසිකයා ගේ සිතට සතුට ගෙනා පුවත් දෙකකි. ඒ අලුතින් චිත්‍රකතා පොත් දෙකක් රසිකයින් වෙත පිරිනැමෙන බවයි. ඉන් පළමුවැන්න වන්නේ චරිත් විජේවර්ධන ගේ "දේශාටනය" චිත්‍රකතා පොත ජනවාරි 08 වැනිදා එළි දකින බවයි. උසස් තාක්ෂණයෙන් යුතුව වර්ණයෙන් මුද්‍රිත මේ චිත්‍රකතා පොත චිත්‍රකතා රසිකයින් ආදරයෙන් පිළිගන්නා බව රසිකයා ගේ විශ්වාසයයි.
දෙවැන්න නිමන්සා ප්රකාශනයක් ලෙයින් එළිදකින චිත්‍රකතා තුනකින් යුත් චිත්‍රකතා පොත ගැනයි. ඇන්ටන් බී පෙරේරා, ප්‍රගීත් අබේධීර සහ අරවින්ද සේනාධීර යන ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් තිදෙනාගේ චිත්‍රකතා මෙහි ඇතුළත් වෙයි.
ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් ගේ අලුත් නිර්මාණ චිත්‍රකතා පොත් ලෙස මෙසේ චිත්‍රකතා රසිකයින් වෙත පිරිනැමීම සුබවාදී අනාගතයක පෙරනිමිත්තක් බව රසිකයාට සිතෙයි.
අලුත් චිත්‍රකතා පත්තරයක් ද නුදුරු අනාගතයේ දී දකින්නට ලැබේවා යනු රසිකයා ගේ අලුත් අවුරුදු පැතුමයි !
No comments:
Post a Comment