Saturday 4 November 2023

පත පොත - දහහත් වැනි දිගහැරුම




ටැබ්ලොයිඩ් පත්තර - අජන්ත කුමාර අගලකඩ
පටුපිටු (ටැබ්ලොයිඩ්) පුවත්පත් (Tabloid ) යනු ටැබ්ලට් යන ඉංග්‍රීසි යෙදුමෙන් බිඳී ආ අතිරේක යෙදුමකි. විශාල ප්‍රමාණයේ පුවත්පතකින් භාගයක් වන පරිදි සැකසුණු කුඩා ප්‍රමාණයේ පුවත්පතකි. එහි ප්‍රමානය අඟල් 16 x 12 ක් වේ. මෙම පටපිටු පත්තරය විශාල පාඨක පිරිසක් අතට පත්විය හැකි පත්තර විශේෂයක් ලෙස හඳුන්වනු ලැබේ. විකල්ප පුවත්පත් හා විශේෂ වර්ගයේ පුවත්පත් පළ වන්නේ මෙම ප්‍රමාණයෙනි.

"අනූව දශකයේ දී මෙරට පුවත්පත් කලාවේ ඇති වූ විප්ලවීය පරිවර්තනයට හේතු වූයේ ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව ජාතික යැයි සම්මත පුවත්පත් කලාවට වැද්දා ගැනීම ය. එය එක් අතකින් විප්ලවීය පරිවර්තනයකි. අනෙක් අතින් අභියෝගාත්මක පියවරකි. පුවත්පත් කලාවේ අලුත් හැඩයක් නිර්මාණය කිරීමටත්, පුවත්පත් කර්මාන්තයේ හැරවුම් ලක්‍ෂයක් සනිටුහන් කිරීමටත් ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව සමත් විය." (පුණ්‍යානුමෝදනාව, අජන්ත කුමාර අගලකඩ )

"ටැබ්ලොයිඩ් යන වචනයට හුරු සිංහල වචනයක් භාවිතයේ සොයා ගැනීම අසීරු නමුදු, එම යෙදුම නූතන ලෝකයේ මෙතරම් ම ප්‍රචලිත, ජන ජීවිතයට සමාන වදනක් වේ යැයි එම යෙදුම 1880 දශකයේ අගභාගයේ දී ලෝකයාට හඳුන්වා දුන් ලන්ඩන් නුවර බරොව්ස් ඇන්ඩ් වෙල්කම් ඖෂධ සමාගම සිහිනෙන්වත් නො සිතන්නට ඇත. සම්පිණ්ඩනය කොට තැනූ බෙහෙත් පෙති වර්ග ටැබ්ලොයිඩ් යන නමින් ඔවුන් වෙළෙඳපොළට නිකුත් කළ අතර, එය පුවත්පත් ප්‍රභේදයකට ආදේශ වූයේ 20 වැනි ශත වර්ෂය ආරම්භයේදී ය." (පෙරවදන, ඩලස් අලහප්පෙරුම)

ප්‍රකාශනය  : K & S පබ්ලිකේෂන් 

පළමු මුද්‍රණය : 2020

මිල රුපියල් 350/=

( සුප්‍රි සමරසිංහ) 


No comments:

Post a Comment