Friday 3 November 2023

පත පොත - දහසය වැනි කොටස



සිංහල සඟරා ඉතිහාසයේ සන්නිවේදන දායාද - මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

පොත හඳුන්වා දී ඇත්තේ "විසිවන සියවසේ දෙවැනි දශකයේ පළවූ සිංහල සඟරා කිහිපයක් පිළිබඳ අන්තර් ව්ෂය ව්ශ්ලේෂණාත්මක විමර්ශනයකි" යනුවෙනි.

මෙය "එස්. ගොඩගේ සහ සහෝදරයෝ ගොඩගේ පොත් සමාජය මෙහෙය වූ ලේඛක උපහාර සහ පොත් අගැයුම් උළෙල නිමිත්තෙන් 1992 පෙබරවාරි 11 වනදා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් වූ මුඛ්‍ය දේශනයේ පිටපත" ය.

"ලිඛිත සන්නිවේදනයේ දී පොතපත මෙන්ම වාර ප්‍රකාශනයන්ද සඟරා ප්‍රකාශනයන් ද වැදගත් තැනක් ගනී. පුවත්පතකින් හෝ පොතකින් කළ නොහැකි පලදායක මෙහෙවරක් සඟරාවලින් කළ හැකි බව ලේඛන ඉතිහාසයේ පහළ වූ විවිධාකාර සඟරා පරිශිලනය කිරීමෙන් වටහා ගත හැකිය. බටහිර සන්නිවේදන ඉතිහාසයේ සඟරා (Magazine) සහ පර්යාය යෙදුමක් වන වාර ප්‍රකාශන (Periodicals) යන්න පැහැදිලිකර ඇත්තේ මෙසේය. 

"Publication appearing at regular intervals (Weekly, Monthly. quarterly) other than newspaper, generally of Smaller Size with Cover and binding Percodicals range from schorlary technical and professional Journals to general cerculation illustrated magazines" 

සඟරා හෙවත් '' Magazine '' යන්නට ශබ්ද කෝෂාර්ථය සැපයෙන්නේ මෙසේය 

"Periodical publication (Now usually cllustrated) Containing articles by various writers"

සිංහල ලිඛිත සන්නිවේදන ඉතිහාසයේ දී ‘සංග්‍රහය' හෙවත් 'සඟරාව' යන්න ප්‍රචලිතව භාවිතා වූ බව පෙනේ. (උපුටා ගැනීම පිටු අංක 05 සහ 06)

ප්‍රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ පළමු මුද්‍රණය : 1992

පිටකවරය : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 (සුප්‍රි සමරසිංහ )




No comments:

Post a Comment