Monday 27 November 2023

COMIC NEWS PAPERS

40. රිසිරස 
   Risirasa 
 ( දශක සතරක කතා කලාවේ රෑප රස )
 





මංගල කලාපය 
නිකුත්වු දිනය- 2014 සැප්තැම්බර් 11
ප්‍රධාන කතෘ- 
ආරම්භක මිල - රු. 50.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 37Cm × 29Cm
මුද්‍රණය - චිරත් මුද්‍රණාලය
ප්‍රකාශනය- චිරත් මීඩියා 

අවාරයේ පැමිණි චිත්‍රකතාවේ රෑප රස
 " රිසිරස"....

                      මේ මෙරට චිත්‍රකතා කලාව පණ අදිමින් තිබූ වකවානුවයි. "  දශක සතරක කතා කලාවේ රෑප රස " මැයෙන් වසර 2014 දී ආරම්භ වූ නවතම පුවත්පත වූයේ " රිසිරස " යි. 
                                      කඩාවැටෙමින් තිබූ චිත්‍රකතා පුවත්පත් කලාවට නැවුම් ආරම්භයක් ලබා දීමේ අරමුණින් , එවකට මෙරට ජනප්‍රිය සිත්තරුන් පොකුරක් එක්කර පුවත්පත ආරම්භ කලේ නවතම ප්‍රකාශන ආයතනයක් වූ චිරත් මීඩියා ප්‍රකාශන සමාගමයි. කුමුදු තාරක (තරෑ), සරත් මදු, විල්ටන් රාජපක්ෂ , පාලිත ජනරංජන , අනුර විජේවර්ධන , කුසුම් මංගලිකා , ගයාශාන් ඇල්පිටිය , අසිත දහනායක, සුසිල් ජයශාන්ත වැනි ප්‍රවීණයන් එකතුවකින් ආරම්භ වු පුවත්පත කලාප 7ක් අවසන , පුවත්පතෙහි අලෙවිය හා පාඨක පිරිස වැඩිකරගැනීමේ අරමුණින් යුතුව 8 කලාපයෙහි සිට රත්නසිරි මුණසිංහ, වත්තල්පල කුසුමන් , සුනෙත් ලක්රැවන් වැනි  තවත් ශිල්පීන් කිහිපපලක් එක්කොට නවතම චිත්‍රකතා 6 ක් ද එක්කරමින් නවතම මුහුණුවරකින් යුක්තව වෙළෙඳ පලට නිකුත් කලා. 

            නමුත් සිදු කල සියලු වෙනස්කම් අභිබවා පුවත්පතෙහි අලෙවිය, ප්‍රචාරණය, බෙදාහැරීම් ගැටළු, ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් මෙම පුවත්පත ද කලාප 13 කට පමණක් සීමාවී වෙළෙඳ පලෙන් ඉවත් වුනා.








No comments:

Post a Comment