නැවතත් චිත්‍රකතා පොත් කෙරෙහි අවධානය යොමු වී ඇති බව රසිකයාට අසන්නට කියවන්නට ලැබුණා. මුහුණු පොතේ පෝස්ටු කිහිපයකින් මෙසේ අදහස් දක්වා තිබුණු අය අතර චිත්‍රකතා රසිකයින් මෙන්ම ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් ද වෙනවා. ඔවුන්ගේ අදහස වී තිබුණේ චිත්‍රකතා පත්තර නිසා චිත්‍රකතා කලාව පරිහානියට පත් වූ බවයි. චිත්‍රකතා පත්තර වෙනුවට චිත්‍රකතා පොත් අලුතින් බිහිවීම හොඳ දෙයක් බවයි.
අපේ මුල්ම චිත්‍රකතා පොත වන්නේ 1960 දී නිකුත් කර ඇති සුසිල් ප්‍රේමරත්න ගේ "රන් දූපත" චිත්‍රකතා පොතයි. ඔහුගේ චිත්‍රකතා පොත් ලෙස "බිලි පූජාව", "ලන්දේසි සටන", "ලන්දේසි සටන" (කොටස් හතරකි). "ඊරියකා", "සොහොනින් නැගිට ආ පෙම්වතිය", "උමතු දොස්තර", "විෂ කන්‍යාව", "සාහසිකයෝ", "මරු පිම්ම", "චංඩි කෙල්ලෝ" දැක්විය හැකිය.
සුසිල් ප්‍රේමරත්නයන් වත්මන සඟරාවට (1998 අගෝස්තු 15) චිත්‍රකතා පොත් ගැන මෙවැනි අදහසක් කියා තිබුණා. "පත්තරවල චිත්‍රකතා පළවෙද්දි ඒ මාධ්‍යයට සෑහෙන ජනප්‍රසාදයක් ලැබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි 50-60 දශකවල චිත්‍රකතා පොත් මුද්‍රණය වුණේ. මුලින්ම ඒක පටන් ගත්තෙන් මම. මගේ පළමු චිත්‍රකතා පොතට මුල් වුණේ වනිතා විත්ති යේ පළවුණ රන් දූපත කියන චිත්‍රකතාව"
මුල් අවදියේ ප්‍රවීණ චිත්‍රකතා ශිල්පීන් බොහෝ දෙනෙකු චිත්‍රකතා පොත් බිහි කර තිබුණා.
නීලා, කුංචා, ගීතයෙන් මතු වූ ආදරය, ජේම්ස් බණඩා යනාදිය ජී.ඇස්. ප්‍රනාන්දු ඇඳි චිත්‍රකතා පොත් වෙයි.
තලංගම ජයසිංහ ගේ මිනිස් දඩයම, මා ආලය කළ තරුණිය, පණට පණ, ඇට සැකිල්ල, ව්‍යාඝ්‍රයෝ චිත්‍රකතා ද පුරවිජය ෆෝන්සේකා ගේ සෙවනැල්ල, මායාකාරි, මැණික් කුමරිය, ශ්‍රී වික්‍රම, සඳ කුමරිය චිත්‍රකතා පොත් ඉතිහාසය සොයද්දී හමු වෙයි.
රසිකයා මුලින් ම කියවූ චිත්‍රකතා පොත වන්නේ ගුණපාල ජයලත් ගේ "ත්‍රාස" යි.
චිත්‍රකතා පොත් ගැන රසිකයා ගේ මතකය සමග නැවත හමුවෙමු.
( සුප්‍රි සමරසිංහ )
No comments:
Post a Comment