Saturday 9 December 2023

NATIONAL NEWS PAPERS

19.ඇත්ත ( දිනපතා )
   Eththa ( Daily)
 

මංගල කලාපය 
නිකුත්වු දිනය- 1964 දෙසැම්බර් 14 සඳුදා
ප්‍රධාන කතෘ -සඳහන් නොවේ
ආරම්භක පිටු - 04 
ආරම්භක මිල - රු. ශත.10 
ප්‍රමාණය - 55Cm × 38Cm
මුද්‍රණය - ලංකා යන්ත්‍රාලය- කෝට්ටේ
ප්‍රකාශනය- ශ්‍රී ලංකා කොමියුනිස්ට් 
                     පක්ෂය


                60 දශකයේ මෙරට   ධනපති පන්තියේ  පාලනයේ පැවති පුවත්පත් ඒකාධිකාරය බිඳහෙළමින් මුලින්ම වෙළෙඳ පලට නිකුත් වී ඇත්තේ දිනපතා ඇත්ත පුවත්පතයි. ඉතා විශාල ප්‍රමාණයේ පිටු 4 කින් යුක්තව දිනපතා පුවත්පත නිකුත් වී තිබේ. එකළ මෙරට පැවති ධනවාදී ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්ති වෙත දැඩිව විවේචන ඉදිරිපත් කිරීම මගින් ජනතාව අතර ඇත්ත  ඉතා ඉක්මනින්ම සමීපවීමට හේතුවී තිබේ. 

දිනපතා ඇත්ත පුවත්පත වෙත ඇතිවූ ජනප්‍රසාදය නිසාම අනතුරුව සතිඅන්ත ඇත්ත පුවත්පත ද, අනතුරුව 1967 වසර වනවිට පොහොයදින ඇත්ත යනුවෙන් ප්‍රථම වතාවට පොහොයදිනට ද  ජාතික පුවත්පතක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. ( පොහෝදින ඇත්ත පුවත්පත පිළිබඳ තොරතුරු මින් පෙර මෙහි පළ කර තිබේ. )







 

No comments:

Post a Comment