Saturday 15 July 2023

පත පොත - පළමු කොටස

 පත-පොත

පළමු කොටස 




පුවත්පත් කලාව පිළිබඳ හැඳින්වීමක් - ගුණදාස ලියනගේ


මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පිළිබඳව ලියවුණු බොහෝ පොත පත වෙයි. මුද්‍රිත මාධ්‍යයේ ප්‍රමුඛ සන්නිවේදන ධාරාව වූ පුවත්පත් කලාව පිළිබඳව ග්‍රන්ථ ඉතිහාසය පනහ දශකය දක්වා දිවයයි. 


පුවත්පත් කලාව පිළිබඳ පළමු සිංහල පොත ලෙස හැඳින්වෙන්නේ ධර්මපාල ජයවීර මහතා 1953 දී ලියා පළ කළ "පත්‍ර කලාව" නැමැති පොතයි. 


".....ලංකාවේ ප්‍රථම වතාවට පුවත්පත් කලාව පිළිබඳ පොතක් සිංහලෙන් පළ කිරීමේ ගෞරවය හිමිවන්නේ කැලණියේ ධර්මපාල ජයවීර මහතාටය. 'පත්‍ර කලාව' යන නමින් ඔහු විසින් ලියන ලද පොත 1953 දී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දේ කොළඹ සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම විසිනි. එවකට 'දිනමිණ' පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය දරමින් සිටි ධර්මපාල ජයවීර, ඩී.බී. ධනපාල මහතාගේ ගෝලයෙක් විය. "(පුවත්පත් කලාව පිළිබඳ හැඳින්වීමක්, ගුණදාස ලියනගේ).


පුවත්පත් කලාව හැඳින්වීමක් ලියූ "ගුණදාස ලියනගේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කතුවරයෙකි. ඔහු මුල්වරට පුවත්පතක ප්‍රධාන කර්තෘ ධුරයට (රිවිරැස) පත් වූයේ වයස 35 දී හෙවත් 1965 දීය. ලංකාදීප පත්‍රයෙන් 1953 දී වෘත්තිය පුවත්පත් කලාවට පිවිසි ගුණදාස ලියනගේ 1975 දී ලංකාදීප ආයතනයේ සියලුම සිංහල පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධුරයට පත්විය.


සිංහල කොඩිය, සත්දින, කල්පනා සහ දසත ගුණදාස ලියනගේ කර්තෘ ධුරය දැරූ තවත් ප්‍රකාශන කීපයකි. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ලියන ඔහු ඒෂියාවීක් සඟරාවේ කොළඹ වාර්තාකරු හැටියට අවුරුදු අටක් සේවය කළේය."

(පොතෙහි පසුවදන, ආචාර්ය නන්දන කරුණානායක)


"පුවත්පත් කලාව හැඳින්වීම" පොතෙහි අන්තර්ගතය මෙසේ දැක්විය හැකිය.


1. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති පත්‍ර යනු මොනවද

2. පුවත්පත් කාර්‍යාලයක ප්‍රධාන අංශ

3. කර්තෘ මණ්ඩලය 

4. වාර්තාකරු

5. ඡායාරූප ශිල්පීයා

6. උප කර්තෘ 

7. පරිවර්තකයා සහ ඉංගිරිසි දැනුම

8. විශේෂ ලිපි ලේඛකයා 

9. පුවත් සපයන්නෝ සහ පුවත් වලකන්නෝ

10. පුවත්පත සහ නීතිය

11. මුද්‍රණ අංශය

12. පුහුණුව සහ පාඨමාලා

13. පොදු උපදෙස් කීපයක්


පළමු මුද්‍රණය 1996 ඔක්තෝබර් 

ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පිට කවර නිර්මාණය : වජිරපානි ලියනගේ

මිල රුපියල් 75/=


පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථයින්ට මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. පුවත්පත් කලාවේ සියලු මූලික අංග පැහැදිලිව සහ සරලව පෙළ ගස්වා ඇත. 

                                දෙවැනි කොටස බලන්න >>

සුප්‍රි සමරසිංහ 

supprisamarasinghe@gmail.com

No comments:

Post a Comment