Saturday, 29 July 2023

පත පොත - දෙවැනි කොටස




පුවත්පත් කලාව සහ වගකීම - සී.පී. කුරුප්පු

මාධ්‍ය නිදහස මෙන් ම මාධ්‍ය වගකීම පිළිබඳව කතා බහට ලක්වෙන යුගයක "පුවත්පත් නිදහස සහ වගකීම" යන ග්‍රන්ථය අධ්‍යයනය කිරීම වැදගත් වෙයි. 

"පුවත්පත් කලාවේදීන් තුළ තිබිය යුතු ඉතා වටිනා ගුණාංගයක් වන්නේ වගකීමයි. එහෙත් ඇතැම් පුවත්පත් කලාවේදීන් තුළ ඒ ගුණාංගය පසුගිය කාලයේදී ඉතා තදින් පිරිහී ගිය බව නොරහසකි. දේශපාලන බලපෑම්, දේශපාලන හිතවත්කම සහ පෞද්ගලික ලාබ ප්‍රයෝජන පුවත්පත් කලාවේදීන් කෙරෙන් එම ගුණාංගය පලා යෑමට බොහෝ දුරට හේතු විය." (හැඳින්වීම, පුවත්පත් කලාව සහ වගකීම, සී.පී. කුරුප්පු)

මෙය සී.පී. කුරුප්පු මහතාගේ දෙවන ග්‍රන්ථයයි. පළමු ග්‍රන්ථය වන්නේ "නව ප්‍රවෘත්ති කලාව" යි.

"ජනතා පත්‍රයේ වාර්තාකරුවකු ලෙස 1970 දී පුවත්පත් කලාවට පිවිසි සී.පී. කුරුප්පු පසුව ජනතා සහ සිළුමිණ පත්‍රවල ප්‍රවෘත්ති කතුවරයා විය. දිනමිණ පත්‍රයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සහ නියෝජ්‍ය කර්තෘ තනතුරු දැරූ ඔහු ලේක්හවුස් පත්‍ර සමූහයේ ප්‍රාදේශීය කතුවරයා ලෙස ද සේවය කළේය. (පසුපිට කවරයෙනි).

ග්‍රන්ථයේ අනතර්ගතය මෙසේය.

1. පුවත්පත් සහ පාඨකයා

2. යුතුකම් සහ වගකීම්

3. භාෂාව සහ සාමාන්‍ය දැනුම

4. රැස්වීම් සහ සම්මන්ත්‍රණ 

5. සම්මුඛ සාකච්ඡා 

6. නීතිය සහ ආචාර ධර්ම 

7. සංවර්ධන ප්‍රවෘත්ති 

8. ගවේෂණ ප්‍රවෘත්ති 

9. පුවත්පත් නිදහස

ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 1996

පුවත්පත් කලාව හදාරන කලාව හදාරන ආධුනිකයින්ට හා විද්‍යාර්ථයින්ට ප්‍රයෝජවත් මූලික කරුණු මෙහි ඇතුළත් වන අතර නව දැනුම සමග යාවත්කාලීන වීමේ අවශ්‍යතාව ද සඳහන් කළ යුතුය.

සුප්‍රි සමරසිංහ 

supprisamarasinghe@gmail.com

No comments:

Post a Comment