සිංහල පුවත්පත් කලාවේ මෑත ඉතිහාසය - මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
ඕනෑම විෂය කරුණක දී ඈත ඉතිහාසය මෙන්ම මෑත ඉතිහාසය හැදෑරීම දැන් ගැනීම ඉතා වැදගත් වෙයි. ජනමාධ්‍ය පුස්තිකා අංක 01 යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය මගින් පළ කර ඇති මෙම ග්‍රන්ථයෙන් මෑත ඉතිහාසය එනම් 1930 වසරේ සිට 1995 දක්වා කාලය අනාවරණය වෙයි.
"කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය මගින් පළ කරනු ලබන ජනමාධ්‍ය පුස්තිකා මාලාවක පළමුවැන්න වන මෙය, සිංහල පුවත්පත්වල මෑත ඉතිහාසය හා ප්රවණතා විමසා බලයි. සිංහල පුවත්පත් ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයින්ටද, ජනමාධ්‍යවේදය හදාරන විද්යාර්ථයින්ටද මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ." (පසු කවර සටහන )
ලංකාලෝකය, ලක්මිණි පහන, සරසවි සඳරැස, දිනපතා ප්රවෘත්ති වැනි ආරම්භක සිංහල පුවත්පත් වලින් පටන් ගෙන දිනමිණ, සිළුමිණ, ලංකාදීපය දවස, රිවිරැස සිට දිවයින, ලක්බිම, රාවය දක්වා වූ විවිධ විෂයයන් යටතේ විවිධ පාඨක කාණ්ඩ ඉලක්ක කරගත් පුවත්පත් රාශියක තොරතුරු සංක්ෂිප්තව නමුත් මෙම කුඩා ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරෙයි.
ප්රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ
පළමු මුද්‍රණය : 1997
කංචුක නිර්මාණය : කේ.එම්.අයි. ස්වර්ණසිංහ
සුප්‍රි සමරසිංහ supprisamarasinghe@gmail.com
No comments:
Post a Comment