පත-පොත- සිව් වැනි කොටස
ප්රවෘත්ති රචනය හා වාර්තාකරණය- මහාචාර්ය තිස්ස කාරියවසම්
පුවත්පතක ප්‍රධානම අංගය වන්නේ ප්රවෘත්ති වාර්තාකිරීමය. රූපවාහිනී මාධ්‍යය පැමිණීමත් සමඟ ප්රවෘත්ති වාර්තාකරණය පිළිබඳව නව මාන ඇති වීම පුවත්පතට යම් අභියෝගයක් එල්ල කළද, එය ජය ගැනීමට පුවත්පත සතු සුවිශේෂ බව අවියක් විය. රූපවාහිනී විකාශන කාලය තුළ වාර්තා කිරීමට අවකාශ නැති විස්තර පුවත්පතට වාර්තා කළ හැකි වීම ඉන් එක් සුවිශේෂතාවකි.
ජනමාධ්‍ය අත් පොත් -1 ලෙස නම් කළ මෙම පොතෙහි "ප්රවෘත්ති රචනය සහ වාර්තාකරණය ගැන ශාස්ත්‍රීය විග්‍රහයක් මෙම කෘතියෙහි ඇතුළත්ය. විවිධ විද්වතුන් විසින් පළ කළ අදහස් සිංහල පාඨකයින් වෙත ඉදිරිපත් කෙරෙයි. (පසු පිට සටහන)
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යායන අංශයේ මහාචාර්ය වරයා ලෙස සහ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාවේ අධ්යක්ෂවරයා ලෙස සේවය කළේය. තවද එතුමා සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ප්‍රථම අධ්යක්ෂවරයා ලෙසද්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කරයුතු කළේය.
ප්රවෘත්ති රචනය හා වාර්තාකරණය
ප්‍රථම මුද්‍රණය : 1993
ප්රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පිට කවරය : සරත් ඥානසිරි
මිළ රුපියල් 45/=
සුප්‍රි සමරසිංහ
2023.08.18
No comments:
Post a Comment