Saturday, 19 August 2023

පත පොත- පස් වැනි කොටස

 පත පොත-පස් වැනි කොටස



පුවත්පත, පාඨකයා සහ විශ්වසනීයත්වය-කේ.ඇස්. පෙරේරා

පුවත්පත හා පාඨකයා අතර ඇත්තේ විශ්වසනීයත්වයේ සබැඳියාවකි. පාඨකයෝ පුවත්පතේ පළ කැරෙන පුවත් හිස මුදුනින් පිළිගනිති. පත්තරේ පළවූ විස්තර පිළිබඳව ඔවුහු එතරම් විශ්වාසයක් තබති. 

කේ.ඇස්. පෙරේරා මහතා මේ පොත සකස් කර ඇත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් ඇසුරෙනි. 

"පුවත්පත් කලාව පිළිබඳ පොත්පත් රැසක් පළවී ඇත. එහෙත් මා දන්නා තරමින් පුවත්පත් කලාවේ ඉතා වැදගත් සංකල්පයක් වන විශ්වසනීයත්වය පිළිබඳව පොතක් පල වී නැත. විශ්වසනීයත්වය ගැන ලියැවුණු ප්‍රථම ග්‍රන්ථය වීම නිසා "පුවත්පත, පාඨකයා සහ විශ්වසනීයත්වය" අප අවධානයට ලක් වෙයි." (ආචාර්ය නන්දන කරුණානායක, පසු පිට සටහන)

"විශ්වසනීයත්වය" යනු ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ වැදගත් සංකල්පයකි. ප්‍රවෘත්ති වාර්තාකරණයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් තම වෘත්තීය වගකීම නිවැරැදිව අවබෝධ කරගත් වෘත්තීය ප්‍රතිමානයන්ට (Professional Norms) අනුගතව ක්‍රියා කරන පිරිසක් නම්, ඔවුනට එසේ ක්‍රියා කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් ඇත්නම් ප්‍රවෘත්ති වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතු නොවනු ඇත. වොරන් බ්‍රීඩ් (Warren Breed) මෙසේ පවසයි. “පරමාදර්ශී වශයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පුවත්පතට අදාළ “ පාලනය ” ගැන හෝ “ප්‍රතිපත්තිය ” ගැන හෝ හෝ ගැටලුවක් පැන නොනගී. එකම පාලනය වනුයේ සිද්ධියෙහි ස්වභාවය හා එය විස්තර කිරීමට වාර්තාකරු සතු ඵලදායී හැකියාවත්ය." (පිටුව 1)


ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

ප්‍රථම මුද්‍රණය : 2003

පිට කවරය : අවුලේගම කේම බයව

මිල රුපියල් 300/=


සුප්‍රි සමරසිංහ 

supprisanarasinghe@gmail.com

No comments:

Post a Comment