ප්‍රශ්න සහ උත්තර
අද චිත්‍රසිරි පත්තරය බලන්නට අපේ ගෙදර එන දවසයි.
සුපුරුදු ලෙස ඔහු ආවේ පත්තරය කියවන්නේ කොයි මොහොතේද කියන තරම් හදිස්සියෙනි.
ආ ගමන්ම කෙටි තාප්පය උඩට පැනගත් චිත්‍රසිරි මධුර පත්තරය දණහිස මත දිග ඇර ගත්තේය. එක හුස්මට පත්තරය කියවීමෙන් පසු චිත්‍රසිරි කතාව පටන් ගන්නට හදන බව පෙණුනත් මා සිටියේ එය නොදන්නා ගානටය.
"රසිකට මතකද එදා ඉස්කෝලෙ මහත්තය අහපු ප්‍රශ්නෙ."
"මොකක්ද ?"
"ඇයි අර ඇහුවෙ.....සතුට පත්තරේට වෙන නම් වලින් චිත්‍රකතා ඇන්ද චිත්‍රකතා ශිල්පීන් කවුද කියල"
"ඉතින් ච්ත්‍රසිරි දන්නවයි..."
"නැතුව"
මා උත්සාහ කළේ ඔහුගෙන් ම විස්තර අහගන්නයි. මා ද එදා පරණ සතුට පත්තර පෙරලා විස්තර හොයා ගත්තත් එහෙම වෙන නම් වලින් චිත්‍රකතා අඳින්න හේතුව නම් හොයා ගන්නට නොහැකි විය.
"ඉතින් චිත්‍රසිරි කියන්නකො. එපා පොඩ්ඩක් ඉන්න. තාත්තා ඉන්න තැනම කියන්න."
"ඒක හොඳයි. ඉස්කෝලෙ මහත්තය ඉන්න තැනම කියන එක"
තාත්තා තව ටික වෙලාවකින් ඉස්තෝපුවට එන්නේ පැට්‍රොල්මැක්ස් ලාම්පුව පත්තු කර එල්ලන්නට ය.
එතෙක් අප කතා කළේ ඉස්කෝලෙ විස්තර ගැනය. අපේ තාත්තා උගන්වන්නෙ උසස් පෙළ පංති වලට නිසා චිත්‍රසිරිට එතරම් ඔහු හමුවන්නේ නැත. ඉස්කෝලෙ දි සර් කිව්වත් ගමේදී චිත්‍රසිරි තාත්තාට කියන්නේ "ඉස්කෝලෙ මහත්තයා" කියාය. දුරින් හෝ නෑදෑකමක් ඇති ගමේ අය තාත්තාට "ඉස්කෝලෙ අයියා, ඉස්කෝලෙ මාමා, ඉස්කෝලෙ බාප්පා, ඉස්කෝලෙ සීයා" යනුවෙන් නෑකම අනුව කතා කරයි.
"මොකක් ගැනද අද ළමයිගෙ කතාව...."
"ඉස්කෝලෙ මහත්තය ගිය සතියෙ ඇහුවෙ සතුටෙ චිත්‍රකතා ගැන විස්තරයක්"
"ඔව්, මතකයි ... එහෙනම් කියන්න බලන්න හොයා ගත්තු විස්තර "
ගමගේ සහ ලිලන්ත
"ඔය ලෝ පතල කෙටි කතා කෙටියෙන් කියල "චිත්‍ර ශිල්පියා හා පරණ පාන්'' කතාව ඇන්ද ගමගේ තමයි වික්‍රමනායක."
" එක දවසකින් අවසන් වෙන ඒ කතා හරි ලස්සනයි"
ඒ මගේ අදහසය. මා ව්දේශ පරිවර්තන කෙටිකතා කියවන්නට පුරුදු වුණේ ඒ චිත්‍රකතා කියවීමෙනි.
" ඔය කෙටිකතාව ඕ හෙන්රි කියන විදේශ කෙටිකතා කරුවගෙ කතාවක්." තාත්තා තවත් විස්තර කළේය. ඒ හැම විස්තරයක් ම චිත්‍රකතාවේ ලියා ඇති බව මතකය.
"ඒ විතරක්ය 'ආදරය තුළ ආදරයක්' කතාව ඇඳපු ලිලන්ත කියන්නෙත් ඔය වික්‍රමනායක ම තමයි"
වසන්ත
" 'අළු යට ගිනි' කතාව වසන්ත නමින් ඇන්දෙ අනුර විජේවර්ධන."
"චිත්‍ර දැක්කම කොහොමත් ඒක හිතා ගන්න පුළුවන්"
"වසන්ත කියන්නෙ අනුර විජේවර්ධනගෙ සහෝදරයෙක්ගෙ නම කියල තමයි රංගයිය කිව්වෙ"
"එයා කොහොමෙයි දන්නෙ"
"එයාට කියල තියෙන්නෙ සාන්ත අයිය."
සාන්ත අයියා කියන්නෙ අපේ ගෙවල් කිට්ටුව ඉන්න චිත්‍ර අඳින අයියා කෙනෙකි. ඔහු සරත් මධු ගේ චිත්‍ර බලාගෙන ඇඳ චිත්‍රකතා අඳින්නට පුරුදු වනවා මා දැක ඇත. ඔහු ඔහුගේ නම පවා සාන්ත මධු ලෙස වෙනස් කරගෙන ඇත. සරත් මධු හමුවීමට කොළඹ පවා ගොස් ඇත.
"අපිට සාන්ත අයිය හම්බවුණොත් තවත් විස්තර අහගත්තැකි"
ගල්දෙණිය
" සතුට පත්තරේ පටන් ගත්තු කාලෙ විශ්ව සාහිත්‍යයේ කෙටිකතා , ජන කතා, ග්‍රීක කතා වලින් චිත්‍රකතා ඇන්ද ගල්දෙණිය කවුරු කියලද හිතන්නෙ"
"ගුණපාල ජයලත්"
"එයා ගල්දෙණිය නමින් අඳින ගමන් ගුණපාල ජයලත් නමිනුත් චිත්‍රකතා ඇන්ද"
"ගුණපාල ජයලත් ගේ ගම ගල්දෙණිය. ඒ නිසා ගල්දෙණිය කියල නම දාන්න ඇති."
ගල්දෙණිය ඇඳපු චිත්‍රකතා
"සතුට පත්තරයට ඇන්ද මේ කෙටි චිත්‍රකතා මතකෙයි-ගැටේට ගැටේ, මනුස්සකම, නරක කලට දෙවියොත් අහක බලති, සර්ගයට පාර, දෙවියන්ටත් ජුවල් ගිහින්, හැටට හැටේ"
"ඒ කතා කොච්චර ලස්සනද....!"
"මට රංගයිය කියපු දෙයක් තමයි. ලේක්හවුස් එකේ සතුට පත්තරේ පටන් ගන්න කොට සතුටට චිත්‍රකතා ඇඳල තියෙන්නෙ පිට ආයතන වල හිටපු චිත්‍ර ශිල්පියො. ඒ නිසා වෙන නම් වලින් අඳින්න ඇති කියල."
සතුටෙ පළවෙච්ච චිත්‍රකතා හරි ඉහළයි නේද....ඊළඟට
සුප්‍රි සමරසිංහs
supprisamarasinghe@gmail.com
No comments:
Post a Comment