Sunday, 3 September 2023

පත පොත - හත් වැනි කොටස


පුවත්පත් විශේෂාංග රචනය-දෙනගම සිරිවර්ධන 

පුවත්පතක විශේෂාංග රචනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දිනපතා පුවත්පතක ප්‍රවෘත්ති වාර්තාකරණයට වැඩි අවධානයක් ලැබෙන අතර, ඉරිදා පුවත්පතක වැඩි ඉඩක් වෙන් කරන්නේ විශේෂාංග වෙනුවෙනි. ඒ සඳහා විවිධ අතිරේක නිකුත් කිරීම ද පුවත්පත් කලාවේ සම්ප්‍රදායකි. ඒ පාඨකයාගේ වැඩි අවධානයක් විශේෂාංග කෙරෙහි යොමුවන නිසාය.

"විශේෂාංග රචනය පිළිබඳ ප්‍රායෝගික විමර්ශනයක්" යනුවෙන් හඳුන්වා දී ඇති මෙම ග්‍රනථයේ පෙර අඩ



වෙන් කරන්නේ, විශේෂාංග ලිපි, කතුවැකිය, තීරුලිපි, චරිත හඳුන්වා දෙන ලිපි, සාකච්ඡා ලිපි, ගවේෂණ ලිපි ආදී කරුණුවලට ය. 

දෙවැනි අඩ විශේෂාංග ලිපි උදාහරණ ලෙස දක්වන්නට වෙන කර ඇත. 

"පුවත්පත් කලා ජීවිතයේ වැඩි කලක් ම මා ගෙවූයේ විශේෂාංග රචකයකු වශයෙනි. ප්‍රවෘත්ති වාර්තාකරුවකුට වඩා විශේෂාංග රචකයකුට ජන ජීවිතයට ළං විය හැකි අයුරු මම ඒ කාලය තුළ දිටියෙමි.

ඉහළ පහළ සියලු පන්තිවල මිනිසුන් ගේ සිත් සසල කැරැවීමට මතවාදයක් ගොඩ නැගීමට විශේෂාංග රචකයකු සතු ශක්තිය ද මම ඒ යුගයේ දී දිටිමි." (පෙරවදන)

"විශේෂාංග ලිපි

පුවත් පතෙක පළ වන පුවත් සහ දැන්වීම් හැර අනෙක් සියල්ල ම විශේෂාංග ගණයට වැටේ.


1. පුවතක් පදනම් කැරුණු ලිපි

2. චරිත හඳුන්වා දෙන ලිපි

3. කතුවැකිය

4. ගවේෂණාත්මක ලිපි

5. තීරු ලිපි

6. සාකච්ඡා ලිපි

7. අධ්‍යාපන හා ශාස්ත්‍රීය ලිපි

8. ආරාධිත විශේෂ ලිපි

9. නිර්මාණාත්මක ලේඛන

10. කාටූන් සහ චිත්‍ර

ආදී වශයෙන් පුවත් පතෙක විශේෂාංග වර්ග හඳුන්වා දිය හැකි වේ." (22 වැනි පිටුව )

ප්‍රකාශනය : එස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 2007

කවර නිර්මාණය : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

මිල රුපියල්  400/=

 
 

©සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment