Saturday, 9 September 2023

පතපොත - අට වැනි කොටස




සියවසක පුවත්පත් සිරස්තල-අනුරාධා මලලසේකර

පොත හඳුන්වා දී ඇත්තේ (1909-1999 දිනමිණ පුවත්පත ඇසුරෙන්) පුවත්පත් ශීර්ෂ පාඨ පිළිබඳ වාග් විද්‍යාත්මක අද්‍යයනයක් යනුවෙනි.

"භාෂාව හා සන්නිවේදනය අතර ඇත්තේ අවියෝජනීය සුසංයෝගයකි. මානව භාෂාව පිළිබඳ හැදෑරීම ඉලක්ක කොට ගත් වාග් විද්‍යාවද මේ නිසා සන්නිවේදන විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙයි. සන්නිවේදන මාධ්‍යයක් ලෙස පුවත්පතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම කෘතියෙන් මා බලාපොරොත්තු වූවේ ප්‍රධාන ශීර්ෂ පාඨයට වෛශේෂිකව පුවත් පත් බස පිළිබඳව අධ්‍යයනයක් කිරීමය. (උපකාරානුස්මෘති)

"පුවත්පතක මුලින්ම ඇස ගැටෙන අංගය වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි. මෙහි අති විශාල සන්නිවේදනාත්මක අගයක් සේම භාෂාත්මක අගයක්ද ගැබ්ව පවතී. "පුවත්පත් ශීර්ෂ පාඨ පිළිබඳ වාග් විද්‍යාත්මක අධ්‍යයනයක් (1909-1999  දිනමිණ පුවත්පත ඇසුරෙන්)" මෑයෙන් ඉදිරිපත් කරන මෙම කෘතිගේ අරමුණ එකී සුවිශේෂ භාෂ ලක්‍ෂණ විග්‍රහ කිරීමයි."(සාර සංග්‍රහය)

තෝරා ගත් ශීර්ෂ පාඨ ඇතුළත් උපග්‍රන්ථයක් ද මෙම පොතට ඇතුළත් කර ඇත.

ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 2001

කවර නිර්මාණය : තිළිණ රුවන් මලලසේකර

මිල රුපියල් 150/=



සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment