Sunday, 17 September 2023

පත පොත -නව වැනි කොටස


ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම- ගුණදාස ලියනගේ


පුවත්පත හා වාරණය යනු නිතර කියවෙන සංකල්පයකි. නිසි වාරණයක හා අනිසි වාරණය යනුවෙන් එය දෙයාකාර වේයැයිද කියයි. වාරණය සමාජයේ ප්‍රගමනයට මෙන්ම අවගමනයට හේතු වන බවට ද මතයකි. 

පුවත්පත්වලට සීල් තබා මෙල්ල කිරීම යනු වාරණයට එහා ගිය දේශපාලනික ක්‍රියාදාමයකි. එය කිසිසේත්ම සමාජයට හෝ ජනතාවට හිතකර එකක් නොවේ. 

පුවත්පත් මෙල්ල කිරීමේ කුප්‍රකට ඉතිහාසය පිළිබඳ මේ පොත ගුණදාස මහතා ලියන්නේ සිය පුවත්පත්කලා දිවියේ අත්දැකීම් ඇසුරෙනි.

"ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම සම්බන්ධයෙන් මා දන්නා ඉතිහාසය ලිව්වෙමි. විවිධ මාදිලියේ මෙල්ල කිරීම් මගින් කරදරයට පත්ව ඉතා වැදගත් අත්දැකීම් රැස්කරගත් පුවත්පත්කලාවේදීන් අතර මට ද විශේෂ තැනක් ලැබෙන බව මම විශ්වාස කරමි, මගේම අත්දැකීම් රාශියක් මේ පොතට ඇතුළත් වී තිබෙන්නේ ඒ නිසාය. අවුරුදු 32 කට පෙර (1961 නොවැම්බර් 23 වෙනිදා) විද්යෝදය විශ්ව විද්‍යාලයේ නවකවදයේ පින්තූර ගන්නට ගොස් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ගුටි කෑම පුවත්පත් මෙල්ල කිරීම ගැන ලියන්නට මට ඇති තවත් සුදුසුකමක් හැටියට මම සලකමි. "තමා ගැනත් තමා ජීවත්වන කාලය ගැනක් ලියන තැනැත්තා පමණක් සියලුම මිනිසුන් ගැනක් සියලුම කාලයන් ගැනත් ලියන නැකැත්තා වන්නේ" ය යි ජොර්ජ් බර්නාඩ් ෂෝ පඬිවරයා කියා ඇති නිසා මා කර ඇති දෙය හරි බව සිතා මට සතුටු විය හැකිය. (පෙරවදන)

ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 1993

පිටකවරය : වටරැක ප්‍රේමදාස 

මිල රුපියල් 98/=


සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment