කොටා පාරේ සිට බේරේ ගෙදරට -සුජීව දිසානායක
"මේ පොතට අඩංගු කොට ඇත්තේ මගේ විසිතුන් වසරක කලා ජීවිතයේ දී අත් විදින්නට සිදු වූ, මුහුණ දෙන්නට සිදු වූ විවිධ සිද්ධීන් සහ ඒ ඒ කාල වකවානුවල පැවැති වාතාවරණය අනුව මට ගැනීමට සිදු වූ විවිධ පියවරයන්ය.
"ඇත්ත" පත්‍රයේ නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස මා ඇරඹූ පත්‍රකලා ජීවිතයේ දී "සිළුමිණ" පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්වන තුරු කාලපරාසය තුළ සිදු වූ මගේ මතකයේ නිවැරදිව ඇති සිද්ධීන් මෙහි ඇතුළත් ය. මගේ මිතුරන්, හිතවතුන්, වැඩිහිටියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුණු විවිධ අවස්ථාවල දී මගේ අත් දැකීම් සටහන් කළ යුතු යැයි ඔවුහු අවධාරණය කළහ. ඒ අදහස මගේ සිත් කා වදින ලෙස අවධාරණය කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විදාලයේ කථිකාචාර්ය මා මිත්‍ර සමන්ත හේරත් සොහොයුරාය. කලක් "සිළුමිණ" පත්‍රයේ ම කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සේවය කළ සමන්ත ඒ අදහස මට අවධාරණය කළේ මා හිතවත් කීර්ති වැලිසරගේ සොහොයුරාගේ "අත්මිදුම" කෙටි කතාව දොරට වැඩි දිනයේ උත්සවයෙන් අනතුරුව කීර්තිගේ නිවසේ පැවැති පුංචි සාදයේ දී ය. "
ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
පළමු මුද්‍රණය : 2001
කවර නිර්මාණය : හර්ෂ ගුණවර්ධන
මිල රුපියල් 150/=
සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment