Saturday, 30 September 2023

පත පොත - එකොළොස් වැනි කොටස


 

සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ- සඳගෝමි කෝපරහේවා

සිංහල පුවත්පත් කලාවේ ප්‍රගමනය උදෙසා පුරෝගාමීව කටයුතු කළ බොහෝ දෙනෙක් මෙරට ප්‍රකට ලේඛකයෝ හා උගත්තු වූහ. ඔවුන්ගේ වතගොත තොරතුරු ඇතුළත්  මෙම කෘතිය සම්පාදනය කර ඇත්තේ වර්තමාන පාඨකයින්ට මෙන්ම පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථයින්ට ප්‍රයෝජනවත් අයුරිනි.

"සිංහල පුවත්පත් කලාවේ ආරම්භයට මෙන්ම එහි ව්‍යාප්තියට කටයුතු කළ සිංහල පුවත්පත් කතුවරුන් දහඅට දෙනකු පිළිබඳ තොරතුරු මේ කෘතියට ඇතුළත් වෙයි. සිංහල පුවත්පත ජනමාධ්‍යයක් වශයෙන් ජනතාව අතර ප්‍රචාරයට පත් කිරීමටත්, පුවත්පතට යෝග්‍ය වූ භාෂා රීතියක් නිපදවා ගැනීමේ අභියෝගයටත් මුහුණ දීමට මේ පත්‍ර කර්තෘවරුන්ට සිදු විය. එමෙන්ම පුවත්පත් පළ කිරීම කර්මාන්තයක් වශයෙන් දියුණු නොවී තිබුණු අවධියක, මුද්‍රිත මාධ්‍යයක් වශයෙන් පුවත්පත ප්‍රචාරයට පත් කිරීම සඳහා දායක වූ මේ පත්‍ර කර්තෘවරු, තත්කාලීන සමාජ - දේශපාලනික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ සිංහල පුවත්පත ප්‍රබල ජනමාධ්‍යයක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහ." (පෙරවදන )

පොතෙහි ඇතුළත් වන පුරෝගාමී පුවත්පත් කතුවරුන් දහ අට දෙනා මෙසේය.

1. කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක

2. ඇම්. ධර්මරත්න

3. ජී. ඩී. පෑලිස් අප්පුහාමි

4. සී. දොන් බස්තියන්

5. වේරගම පුංචිබණ්ඩාර

6. තෝමස් කරුණාරත්න

7. එච්. එස්. පෙරේරා

8. පියදාස සිරිසේන

9. ඇම්. සී. එෆ්. පෙරේරා

10. මුනිදාස කුමාරතුංග

11. ඇලෙක්සැන්ඩර් වැලිවිට

12. සී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි

13. පියසේන නිශ්ශංක

14. මාර්ටින් වික්‍රමසිංහ

15. ජුලියස් ද ලැනරෝල්

16. හේමපාල මුනිදාස

17. ඩී. බී. ධනපාල

18. ඩේවිඩ් කරුණාරත්න


ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

ප්‍රථම මුද්‍රණය : 2012

කවර නිර්මාණය : නිලුපුල් ප්‍රියංකර

මිල රුපියල් 475/=


[සුප්‍රි සමරසිංහ]

No comments:

Post a Comment