Friday, 13 October 2023

පත පොත -දොළොස් වැනි පියවර

     

අන්තර්ජාතික ප්‍රවෘත්ති ආයතන- මහාචාර්ය තිස්ස කාරියවසම්

මෙය මහාචාර්ය  තිස්ස කාරියවසම් මහතාගේ ජනමාධ්‍ය අත් පොත් පෙළෙහි දෙවැන්නයි. 

"ලෝකය පාලනය කරන්නේ ජන වරම ලත් රාජ්‍ය තාන්ත්‍රිකයින් නොව ප්‍රධාන ප්‍රවෘත්ති ආයතනයයි කියමනක් ඇත. එවැනි අන්තර්ජාතික ප්‍රවෘත්ති ආයතන ගැන සිංහල පාඨකයින් වෙත ශාස්ත්‍රීය වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමකි, මෙම කෘතිය." (පසු කවර සටහන)

"......ජන මාධ්‍ය සහ ජන සන්නිවේදනය ගැන ලියැවුණු අනේකවිධ ඉංග්‍රීසි පොත පත කියවා ප්‍රයෝජන ලබා ගත නොහැකි තරුණ පරපුරට අත්වැලක් දිය හැකි ජන මාධ්‍ය අත් පොත් පෙළක් සකස් කරන්නට අදහස් කළෙමි. මේ එහි දෙවැනි අත්වැලයි. ලෝකය පුරා ව්‍යාප්ත වී, ප්‍රවෘත්ති ඒකරාශිකරණය කොට සංසරණය කොට මුළු විශ්වයම පාලනය කරන නිල නොලත් පාලකයින් ලෙස සැලකෙන මෙම ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන හතරත්, ඒවායේ ප්‍රභවය සහ ව්‍යාප්තියත්, අනතුරුව 1970 න් පසුව ඇති වුණු මත ඝට්ටන නිසා සංවර්ධනය වන රටවල් මුහුණ පෑ අභියෝගයත් මෙම කෘතියෙහි විස්තර වෙයි." (පෙරවදන)

පොත පළකළ කාලය වනවිට පැවති ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා හතර පොතෙහි සඳහන් වන පරිදි මෙසේය.

රොයිටර්ස්, ද ඇසෝසියේටඩ් ප්‍රෙස්, යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල් සහ ඒජන්සි ප්‍රාන්ස් ප්‍රෙස්.

පළමු මුද්‍රණය : 1993

ප්‍රකාශනය  : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පිට කවර නිර්මාණය : සරත් ඥානසිරි

මිල රුපියල් 70/= 


 


No comments:

Post a Comment