Friday, 20 October 2023

පත පොත - දහතුන් වැනි කොටස





සිංහල පුවත්පත් තීරු ලිපියේ විකාශනය - කිත්සිරි නිමල්ශාන්ත

පුවත්පතක වඩාත් ම ජනප්‍රිය විශේෂාංග වන්නේ කාටූන් සහ තීරු ලිපි වෙයි. දෙකම නිර්මාණශීලී කාර්‍යයන් දෙකකි. එසේම සමාජ විවේචනශීලී විශේෂාංග දෙකකි. 

"සිංහල පුවත්පත් තීරු ලිපියේ විකාශනය" පුවත්පත් කලාව හදාරන සිසුන්ට මෙන්ම ඒ ගැන උනන්දුවන පාඨකයාට වැදගත් පොතකි.

තීරු ලිපි යනු ඉතා සංක්ෂිප්ත, අර්ථවත්, ප්‍රබල රචනා විශේෂයකි. සම්මත පරිදි පුවත්පත් පිටුවක තීරුවකට ප්‍රමාණවත් පමණින් ලිවීම තීරුවක් ලිවීම යනුවෙන් හැඳින්වේ.

තිරු ලිපි රචනයේ දී විවිධ උපක්‍රම සහ විධි යොදා ගනු ලැබේ. එසේම නන්වැදෑරුම් විෂය පරාසයක් පුරා මෙම රවනා විහිදී ඇත. වර්තමාන සතිපතා පුවත්පතක වැඩිපුරම පළවන්නේ තීරු ලිපිය.

"තීරු ලේඛනයේ ස්වරූපය- 

සිංහල පුවත්පතක තීරු අටක් පමණ වෙයි. ප්‍රවෘත්ති විශේෂාංග , ඡායාරූප. චිත්‍ර, විචාර, විග්‍රහ, සාකච්ඡා ආදි සෑම අංගෝපාංගයක්ම බහාලිය යුත්තේ මෙම තීරු අට ඇතුළතය; තීරු ලිපියක් යනු මෙයින් තීරු අඩක්, තීරුවක්, හෝ තීරු කිහිපයක් තුළ පළ කරනු ලබන සුවිශේෂ ශෛලියකින් රචිත ලියවිල්ලකි. කොලමක් හෙවත් තීරු ලිපියක් කියවීමේදී පාඨකයාට ගැටපද විවරණ හෝ කෝෂ ග්‍රන්ථ හෝ පරිශීලනය කිරීමට සිදුවුවහොත් ඉන් හෙළිවනුයේ එකී තීරු ලිපියේ අසාර්ථකත්වයයි." (පිටුව 21, සිංහල පුවත්පත් තීරු ලිපියේ විකශනය - කිත්සිරි නිමල්ශාන්ත)

මෙහි උපග්‍රන්ථයේ තීරු ලිපි රචකයන්ගේ නම් ද, තීරු ලිපි සූචියක් ද ඇතුළත්ය. එසේම විවිධ තීරු ලිපි උපුටා දාක්වීමක් සහ ඉංග්‍රීසි තීරු ලිපි ගැන විස්තරයක් ද ඇතුළත්ය.

ප්‍රකාශනය : ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 

පළමු මුද්‍රණය : 1993

පිට කවරය : ශාන්ත කේ හේරත්

මිල රුපියල් 90/=

  
 

සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment