පොත හඳුන්වා දී අත්තේ "දවස රිවිරැස රස කළ ඩේවිඩ් කරුණාරත්න ගේ හෑල්ල" යනුවෙනි.
"ස්වාධීන පුවත්පත් සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත්පත්හි කතුවරයාව සිටි ඩේවිඩ් කරුණාරත්නයන් එකී පුවත්පත් සඳහා ලියූ "හෑල්ල" තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි." (පසු කවර සටහන)
"1960 පෙබරවාරි 01 දා ඇම්. ඩී. ගුණසේන සමාගම විසින් "සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගම" පිහිටු වීය. ස්වාධීන පුවත්පත් සමාගම සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ 1961 අප්‍රේල් 14 දා එනම් සිංහල අලුත් අවුරුද්ද දවසේය.
'දවස' පත්තරයේ ආරම්භක කර්තෘ දියෝගු බඩතුරුගේ ධනපාල හෙවත් ඩී. බී. ධනපාල මහතාය. නියෝජ්‍ය කතෘවරුන් වූයේ ඩේවිඩ් කරුණාරත්න, පියල් වික්‍රමසිංහ යන මහත්වරුන්ය.
සීමාසහිත ස්වාධීන පුවත්පත් සමාගමේ මංගල ප්රකාශනය වූ "දවස" පුවත්පත බිහිවූයේ 1961 අගෝස්තු 14 වැනිදාය. දවස බිහිකළ පිරිසම එක් වී දින හතරක් ඇතුළත ඉරිදා පුවත්පතක් බිහි කළේය. ඒ 1961 අගෝස්තු 20 දින නිකුත් වූ 'රිවිදින" පත්තරයයි. රිවිදිනත් සමගම " හැල්ල" ත් එළියට ආවේ ය. හෑල්ල ලීවේ ඩේවිඩ් කරුණාරත්න මහතායි.
යම් හෑල්ල හැටේ දශකයේ පාඨකයන්ගේ අවධානයට යොමු වූ තීරු ලිපියකි. එය, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, සමාජ හා ආගමික කතාබහකි. ගැමිවහර, පුරවහර, තේරවිලි, දෙපිළිවදන් වලින් ''හෑල්ල'' පිරි ගියේය. එය මුලසිටම අග දක්වාම එකම රසවත් වැකියකි. ගද්‍ය කාව්‍ය ය..........." රසවත් වැකිය පැදියෙකි.....' යන ප්‍රකට කියමන අනුව නම් "හෑල්ල” රසවත් වැකියෙන්ම පිරුණ පැදි නදියකි." (ඩේවිඩ් කරුණාරත්න සහ හෑල්ල)
ප්රකාශනය : සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගම
පළමු මුද්‍රණය : 2017
මිල රුපියල් 350/=
සුප්‍රි සමරසිංහ
2023.10.20
No comments:
Post a Comment