විශේෂාංග වර්ගීකරණය
සරල වර්ගීකරණයකට ගොනුකර ගත නොහැකි වුවත් විශේෂාංග පහත සඳහන් පරිදි දළ වර්ගීකරණයකට භාජනය කළ හැකිය.
1. වාර්තාමය විශේෂාංග
කිසියම් ප්‍රවෘත්තියක් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට අවශ්‍ය විස්තර සහ පසුබිම ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා විශේෂාංගය වාර්තාමය විශේෂාංග ලෙස හඳුන්වයි.
2. විමර්ශනාත්මක විශේෂාංග
කිසියම් සිද්ධියක් හෝ මතවාදයක් විමර්ශනයට ලක් කරමින් ලියැවෙන විශේෂාංග වර්ගයකි.
මෙය ආකාර දෙකක් වෙයි.
(අ) ප්‍රවෘත්තියක් විස්තාරණය හෝ විශ්ලේෂණය කිරීම.
(ආ) ආකල්පයක්, දෘෂ්ටියක් හෝ මතවාදයක් විමර්ශනයට ලක් කිරීම.
3. පෞරුෂ විශේෂාංග
කිසියම් සමාජයක වැදගත් පුද්ගලයන්ගේ හෝ ප්රවීණයන්ගේ වත ගොත හා ජීවන චරිතය විදහා දක්වන විශේෂාංගයයි. මෙය දෙයාකාරයකින් නිර්මාණය කළ හැකිය. එනම් සෘජු විස්තරයක් මගින් හා අතීත කියුම් හා සිදුවීම් පෙළගස්වන චරිත සිතුවමක් මගින්ය.
4. ආස්වාදනීය විශේෂාංග
පාඨකයාට යහපත් ආස්වාදයක් හෝ වින්දනයක් ලාබා දීමේ අරමුණින් පළ කරන විශේෂාංග මෙනමින් හැඳින් වේ. මෙයද දෙයාකාර වේ.
(අ)පරිසර අත්දැකීම් සහිත හා
(ආ) මානසික හැගීම් දනවන යනුවෙනි.
5. ඡායාරූප විශේෂාංග
මෙහිදී ඡායාරූප ප්‍රධාන වෙයි. වචන යොදා ඡායාරූපය හඳුන්වාදීමකට වඩා සිද්ධියට අදාළව නිර්මාණශීලීව වචන පෙළ ගැස්සීම මෙහිදී සිදුවේ.
6. තීරු ලිපි.
ඉතා සංක්ෂිප්ත, අර්ථවත්, ප්‍රබල රචනා විශේෂයකි. සමිමත පරිදි පුවත්පත් පිටුවක තීරුවකට ප්‍රමාණවත් පමණින් ලිවීම තීරුවක් ලිවීම යනුවෙන් හැඳින් වේ. තීරු ලිපි රචනයේ විවිධ උපක්‍රම සහ විධි යොදා ගනු ලැබේ. එසේම නන්වැදැරුම් විෂය පරාසයක් පුරා මෙම රචනා විහිදී ඇත. වර්තමාන සතිපතා පුවත්පතක වැඩිපුරම පළවන්නේ තීරු ලිපිය.
7. කතු වැකිය.
පුවත්පතක මත ප්රකාශනය ඉදිරිපත් කරන්නේ කතු වැකිය මගිනි. කතුවැකිය කර්තෘගේ රචනයකි. එය පුවත්පතක ආත්මය මෙන්ම දර්ශනයද වෙයි.
කතු වැකියක බස් වහර ඉතාමත් සරලය, නිරවුල්ය, ප්රබලය, කෙටිය, එහෙත් ව්‍යක්තය.
8. කාටුන්
පුවත්පතක කාටුන් වර්ග තුනක් දැකිය හැකිය. එනම්,
(i)කතු වැකි පිටුවේ කාටුනය (Editorial Cartoon)
(ii)සාක්කු කාටුනය (Pocket Cartoon)
(iii) විහිළු චිත්‍ර තිරු (Comic Strip) යනුවෙනි.
අද මේවා දේශපාලනික හා අදේශපාලනික යනුවෙන් ප්‍රධාන තේමා දෙකක් යටතේ පළවෙයි.
9. චිත්‍ර කතා
චිත්‍ර කතා පුවත්පත් වල ආකාර තුනකින් පළ වෙයි.
(i)කළු සුදු රූප වලින් දිනපතා පුවත්පත්වල කොටස් වශයෙන් පළවෙන චිත්‍රකතා තීරු (Comic Strip)
(ii)ලොකු ප්‍රමාණයේ වර්ණ චිත්‍රකතා. (කොටස් වශයෙන් සති අන්ත පුවත්පත් වල පළවෙන) (Picture Story)
(iii)තනි රූපයක් ඇති චිත්‍රකතා (Single Picture News Paper Feature)
10. විවිධ පිටු
පුවත්පතක විවිධ විශේෂාංග සඳහා පිටුවෙන් කර ඇත. මුළු පිටු පුරා පළ නොකළ ද ඒවා හැදින්වීමේ දී “පිටු” යනුවෙන් ව්‍යවහාර කෙරේ. උදාහරණ :- ළමා පිටුව, කවි පිටුව, කලා පිටුව, සාහිත්‍ය පිටුව, කාන්තා පිටුව යනාදී වශයෙනි.
11. සාහිත්‍ය නිර්මාණ
සාහිත්‍ය කතිකාවට අදාළ ලිපි වලට අමතරව සාහිත්‍ය නිර්මාණ ද පළ වෙයි. කොටස් වශයෙන් පළවන නවකතා ද කෙටි කතා ද මේ යටතට වැටේ.
12. චිත්‍ර
පිටු අලංකරණයට චිත්‍ර හා අකුරු යොදා ගැනේ. ලිපියක අර්ථ උද්දීපනයටත්, කවියක හෝ කතාවක අදහස චිත්රණයටත් චිත්‍රය ඉවහල් වෙයි. විශේෂාංග නාම ඵලක ද චිත්‍ර වලින් සරසයි.
13. හිඩැස් ලේඛන
පිටුවක හිඩැස් පිරවීම සඳහා හිඩැස් ලේඛන (Gag writing) යොදා ගැනේ. ඒවා නම් වැදගත් කියමන්, කුඩා හාස්‍ය රචනා කවි ආදියයි.
14. වෙනත්
ලග්න පලාඵල, රූපවාහිනී/ගුවන් විදුලි වැඩ සටහන් විස්තරය, මිල දර්ශනය, මුදල් හුවමාරු අගය, ගුවන් ගමන්, කාල ගුණය ආදී නොයෙක් ආකාරයේ විශේෂ ලේඛන පළවෙයි.
සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment