විශේෂාංග හැඳින්වීම
පළමුවැනි කොටසේදී පුවත්පත හඳුනාගත් ආකාරය අනුව, ප්‍රවෘත්ති වලට මෙන්ම විශේෂාංග වළට ද සුවිශේෂ තැනක් පුවත්පත් වල හිමි වේ. ඉරිදා හා සතිපතා පළවන ප්‍රවත්පත් වල විවිධාකාර විශේෂාංක පළ වෙයි.
විශේෂාංග යනු කුමක් ද?
සන්නිවේදන ශබ්දාකරයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත්තේ මෙසේය. (පිටු 117)
පුවත්පත්වල පළවන විවරණාත්මක විශේෂ ලිපි ලේඛන විශේෂාංග ලෙස හැඳින්වේ. ඒවා බොහෙවින් වාර්තාවලට වඩා වෙනස් වන්නේ පාඨකයාට බොහෝ අතිරේක විෂය කරුණු ඉස්මතු කොට දක්වනු ලබන බැවිණි.
“සෘජු ආරංචි ලබා දෙන්නේ පුවවෘත්ති (News) මාර්ගයෙනි. විස්තර හෝ විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සඳහා විශේෂාංග යොදා ගනු ලැබේ. ප්‍රවෘත්තියක දී වැදගත් වන්නේ සිද්ධියයි. එහෙත් විශේෂාංගයක දී වැදගත් වන්නේ සිද්ධියට අදාළ සෘජු ආරංචි නොව ඒ පසුබිමෙහි ඇති අවශේෂ විස්තර සහ විවිධ මත විශ්ලේෂණයන් ය."(පුවත්පත් සහ සමීක්ෂා II - පිටුව 72)
විශේෂාංග වර්ගීකරණය.
විශේෂාංග වර්ගීකරණය ඉතා සංකීර්ණ කටයුත්තයි. කරල වර්ගීකරණයට හසුකර ගත නොහැකි තරම් පුළුල් පරාසයක විශේෂාංග වර්තමාන පුවත්පතක පළවෙයි. ඉරිදා පුවත්පත් වල විශේෂාංග විවිධ හැඩතල ගතියි. මේවා පුවත්පතේ හැඩරුව තීරණය කිරීමේදී බෙහෙවින් බලපා ඇති බව වර්තමාන පුවත්පත් නිරීක්‍ෂණය කිරිමේදී හඳුනාගත හැකිය. පුවත්පතක ජනප්‍රියත්වය කෙරෙහි මෙන්ම අලෙවිය සරෙහි ද එය ඍජුවම බලපායි. සතියක් පුරා සියවීමට තරම් හරවත්, වැදගත්, විනෝදවත් කරුණු සතිපතා පුවත්පතක තිබිය යුතුය. එමතුදු නොව කපා සුරැකිය යුතු අන්දමේ විශේෂාංග ඇති පුවත්පත් විශ්ව කෝෂයක් බඳුය. එබදු පුවත්පත් බුද්ධිමත් පාඨකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් වේ. මුල් යුගයේ දී සිළුමිණ පුවත්පත "සත දහයේ" විශ්වවිද්‍යාලය යහුවෙන් හැදින්වූවේ එබැවිනි. එහි පළ වූ ශාස්ත්‍රීය අතිරේකය එතරම් සාරගර්භය.
"පත්‍රයක පළවන ප්‍රවෘත්ති හැරුණු විට විශේෂ ලිපි, තිරු ලිපි කතුවැකි, විවේචන, කවි, කෙට් කතා, ආදීය විශේෂාංග අංශයට අයත්ය. කොටින්ම කිවහොත් ප්‍රවෘත්ති අංශයට අයත් නොවන සියළුම දේ විශේෂාංග අංශය යටතට එයි" යනුවෙන් ගුණදාස ලියනගේ මහතා පුවත්පත් කලාව පිළිබඳ හැදින්වීමක් පොතේ සඳහන් කරයි. (පිටුව 20)
දිනක් හිටපු විශේෂෂාංග කර්තෘවරයකු වන තිස්ස එදිරිසිංහ මහතා විශේෂාංග ලෙස හඳුන්වන්නේ මුල් පිටුවේ ප්‍රවෘත්ති, විශේෂ ප්‍රවෘත්ති, දේශපාලන රැස්වීම්, පාර්ලිමේන්තු විවාද, උසාවි වාර්තා, ප්‍රාදේශීය ප්‍රවෘත්ති, ක්‍රීඩා ප්‍රවෘත්ති විශේෂ සිද්ධීන් අළලා සකස් කෙරෙන වාර්තා හැර අනෙකුත් ලිපි රචනා, කාටුන් චිත්‍ර කතා, කොටස් වශයෙන් පළවන නවකතා, පාඨක අදහස් ආදියයි. (පිටුව 55)
ඉතිරි කොටස මීළඟට....
No comments:
Post a Comment