එස්. ඒ. දිසානායක මහතාගේ "යෝධයා" කාටූන් චිත්‍රකතාව රසිකයා කියෙව්වේ වරක් දෙවරක් නොවෙයි. ඒවා කට පාඩම් වනතුරු රසිකයාට කියවන්නට හැකිවුණේ තාත්තා මිහිරෙහි පළ වූ "යෝධයා" කතාව පොතක් ලෙස එකතු කර තිබූ නිසාය.
රසිකයාට ඒ අතීතය මතකයට ආවේ මිහිර පත්තරයේ නැවත වතාවක් යෝධයා චිත්‍රකතාව නව පරිගණක වර්ණ සංයෝජනයෙන් යුතුව පළකරන නිසාය. පරිගණක වර්ණ සැකසුම සමන් ශ්‍රීකාන්ත ගෙනි.
යෝධයා කතාවේ ප්‍රධාන චරිත වන්නේ යෝධ රාලාමි, පඬිතුමා (මහතයා) හා කෙල්ල ය. හැමදාමත් යෝධ රාලාමි රැවටීමට උත්සාහ ගන්නා පඬිතුමාම අවසානයේ රැවටීමට ලක්වෙයි. නැතිනම් ඔහුට තරු පෙනෙයි.
මේ කතාව ම වෙනස් ආකාරයකින් "නොමිනිසා" නමින් නවයුගය සඟරාවේ පළවිය. තවත් වතාවක එය "යකා බාස්" නමින් වෙනත් චරිතද එකතු කරමින් ඇන්දේය.
මේ කතා මාලාවේ මුල්ම කතා පළවෙන්නේ හැටේ දශකය, නවයුගය සඟරාවේ "පඬිතුමා" නමිනි. ඒ කතා වල යෝධයා නැත. ඇස්. ඒ. දිසානායක මහතා මිහිරට එන්නේ නවයුගයේ සිටය. ඒ මිහිරට ඔන්න බබෝ අඳින්නය. ඉන්පසුවය "යෝධ රාලාම" චරිතය එකතු වන්නේ.
මේ හැමකතාවම එක දවසින් අවසන් වෙයි. ඒ නිසා එක් එක් කොටස වෙන වෙනම රස විඳින්නට පුළුවන. හාස්‍ය රසය නොඅඩුව ලැබුණු යෝධයා කතා පෙළ ළමයින්ට හොඳ නොහොඳ කියා දුන්නේය.
රසිකයා කුඩා කාලයේ රස විඳි යෝධයා නැවතත් මිහිරෙහි පළ කිරීම සතුටකි. එස්. ඒ. දිසානායක යනු ළමා කාටූන් කලාවේ මෙන්ම ළමා චිත්‍රකතා කලාවේ පුරෝගාමී චිත්‍ර ශිල්පියා වෙයි.
එස්.ඒ. දිසානායක මහතාගේ අනෙක් ළමා චිත්‍රකතා මතකය සමගින් නැවත හමුවෙමු.
No comments:
Post a Comment