Friday, 13 October 2023

රසිකයා - දහ තුන් වැනි දිගහැරුම

 


රසිකයා ගේ සිතෙහි බොහෝ බලාපොරොත්තු ඇති කළ චිත්‍රකතා පත්තරයක් වූයේ "සක්විති" ය. එය සතුට ප්‍රමාණයේ ලොකු පත්තරයකි.

"සක්විති" එළිදකින්නේ 2004.10.18 වැනි සඳුදා මාධවී ප්‍රකාශනයක් ලෙසය. පවුලේ රස සංග්‍රහය  යන තේමා පාඨය සහිතව පළ කළ මේ පත්තරයේ කතුවරයා ශ්‍රීනාත් කුරුකුලසූරිය යි. 

විශේෂයෙන් එහි පළ වූ "සක්විති සක්සලාව" චිත්‍ර පාඩම රසිකයා ගේ සිත් ගත්තේ ඔහුද චිත්‍ර ඇඳීමට සමත් කමක් පාසැල් අවදියේ සිට දක්වා තිබූ නිසාය. එයට බන්ධුල හරිශ්චන්ද්‍ර ගේ චිත්‍රකතා නිර්මාණ පාඩම් පෙළක් ද ඇතුළත් විය. 

චිත්‍රකතා වලට අමතරව චන්දි කොඩිකාර ගේ "හිරිමල් පියුම" හා ගංගා ෂයිනි ගමගේ ගේ "කල්පනා සිහිනේ" යන නවකතාද, සොයන්න දිනන්න තරගයද, තරු වරම් විශේෂාංග ද එහි පළ විය. 

සක්විති පත්තයේ මංගල කලාපයේ පළ වූ චිත්‍රකතා රසිකයා ගේ මතකයට එයි. තරු ගේ "මුතු මල් යාය", ප්‍රගීත් අබේධීර ගේ "එයා තමයි", ඇන්ටන් බී පෙරේරා ගේ "අසුර අඩවිය" හා "ක්‍රිස්කන් වීරයෝ", ශ්‍රීනාත් කුරුකුලසූරිය ගේ "අතීතය අද්දර" හා "දුටු ගැමුණු", ඇන්ටන් තානාපති ගේ "නාග දෙවොල", උදය තෙන්නකෝන් ගේ "නිඹුල් කුළුනු", තරින්ද ගේ "සුළං කුණාටුව" බන්ධුල හරිශ්චන්ද්‍ර ගේ "පෙනිලෝපා" නම් ඒවායේ. 

සක්විති පත්තරයට අත් වුණේ පසුකාලිනව බිහි වූ චිත්‍රකතා පත්තර වලට අත් වූ ඉරණමය. එහි ආයුෂ ටික කලකින් අවසන් විය.

සක්විති පත්තරේ චිත්‍රකතා වලට අමතරව වෙන විශේෂාංග වැඩිපුර පළ වීම පිළිබඳව විවේචනයක් ද පසු කලක දී රසිකයාට අසන්න ලැබුණ. 

කෙසේ වෙතත් රසිකයා සිතන්නේ සක්විති යනු බොහෝ කලක් චිත්‍රකතා ලෝකය තුළ වැජඹීමට තරම් සුදුසු චිත්‍රකතා පත්තරයක් බවය.  එය චිත්‍රකතා රසිකයින් සමග එකතුව සාර්ථක ගමනක් යා යුතුව තුබූ බවය.

එවැනි හෝ වෙනත් හොඳ චිත්‍රකතා පත්තරක් බිහි වේවා යන ප්‍රාර්ථනය රසිකයා සිත තුළ හැමදාම පවතියි. 

  

No comments:

Post a Comment