Saturday 28 October 2023

රසිකයා - පහළොස් වැනි දිග හැරුම

 

රසිකයා චිත්‍රකතා කියවන්නට හුරුවූයේ "මිහිර" පත්තරෙන් බව මීට පෙර කිහිප වරක් ම කියා ඇත. විජය පත්‍ර සමාගමේ "විජය" යනු මිහිර මෙන්ම අද දක්වා නොකඩවා ළමා චිත්‍රකතා පළ කරන පත්තරකි. ගුණසේන සමාගමේ "ටිකිරි" පත්තරය ද රසිකයා ගේ මතකයට නැගෙයි.

බොහෝ ළමා පත්තරවල චිත්‍රයට මෙන්ම චිත්‍රකතාවට වැඩි ඉඩක් ලබා දෙයි. ඊට හේතුව ළමයි චිත්‍ර වලට වැඩි කැමැත්තක් දැක්වීමය. ළමයාට පහසුවෙන් ඉගැන්වීමට චිත්‍ර මාධ්‍යය යොදා ගත හැකි බව පිළිගත් කරුණකි.

ළමා චිත්‍රකතා පළවූ තවත් පත්තර අතර ළමා චිත්‍රකතා පත්තර දෙකක්ද වෙයි. ඒ "සිඟිති සිත්තර" හා "මී පැණි" ය.

මේ සියල්ලට ම වෙනස් පත්තරයක් වූයේ "රූප රේඛා" ය. 




"රූප රේඛා" යනු ළමා චිත්‍රකතා වැඩි ප්‍රමාණයක් පළ වූ ළමා පත්තරකි. ටයිම්ස් ආයතනය විසින් රූප රේඛා මංගල කලාපය නිකුත් කර ඇත්තේ 1972 ඔක්තෝබර් 30 වැනි දා සඳුදා ය. මිල ශත 35 කි. පිටු 16 කි. මුල් කලාපයේ චිත්‍රකතා 07කුත් දෙවන කලාපයේ සිට තවත් චිත්‍ර කතාවක් වශයෙන් ළමා චිත්‍රකතා 08 ක් එහි පළ වී ඇත. ළමා  චිත්‍රකතා හැරුණු විට සෙසු පිටුවල පළවී ඇත්තේ ළමයින්ට සුදුසු ලිපි සහ විශේෂාංග වලිනි.




 

No comments:

Post a Comment