4. ලිට්ල් ස්ටාර්
Little Star
( The Children's English Weekly )
නිකුත්වු දිනය- 1985 ජුලි 15
ප්‍රධාන කතෘ- දීගොඩ කුමාර
ආරම්භක මිල - රු. 2.50
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 37 Cm × 29 Cm
ප්රකාශනය- විජය ප්‍රකාශන සමාගම
එවක, මෙරට ළමා පරපුරෙහි ඉංග්‍රීසි අධ්‍යාපනික දැනුම වර්ධනය උදෙසා සතිපතා නිකුත්වු අධ්‍යාපනික පුවත්පතකි.
විවිධ රැකියා, විවිධ තේමාවන් වැනි නොයෙක් ක්ෂේත්රයන්ට අදාලව එදිනෙදා භාවිතා වන ඉංග්‍රීසි වචන ඇතුලත් දර්ශනීය සිතුවම් සහිත මුල් පිටුවකින් සෑම කලාපයක්ම හැඩවී තිබේ. සිතුවම් නිර්මාණ දීගොඩ කුමාර ගෙනි. එවකට මෙරට ළමා පරපුර අතර ඉතා ජනප්‍රිය වානරයන්ගේ ටාසන්, රොබින් හුඩ් , සිංහබාහු වැනි චිත්‍රකතා හා නවකතා ද පුවත්පත තුල අන්තර්ගතව තිබේ.
මේ වනවිට මෙරට පුවත්පත් වෙළෙඳ පල තුල දක්නට නොමැති පුවත්පතකි.
No comments:
Post a Comment