බටහිර ක්‍රියාදාම චිත්රකතාවේවි චිත්රත්වය ලාංකික චිත්රකතාවේ සළකුණු කළ ප්‍රමුඛයා- ඇන්ටන් බී. පෙරේරා
1975 වසරේ දී සිත්තර පත්තරේට ඇඳි "ටෝරස්" චිත්‍රකතාවෙන් ම ඔහු රසිකයින්ගේ ආදරය දිනා ගත්තේය. ඔහුට ම අනන්‍ය වූ බටහිර ක්‍රියාදාම චිත්රකතාවට හුරු චිත්‍රකතා ශෛලියක් ගොඩනගා ගත් මේ චිත්‍රකතා ශිල්පියා සිය නම ලාංකික චිත්‍රකතා වංශ කතාවේ සනිටුහන් කරන්නේ "ඇන්ටන් බී පෙරේරා" ලෙසය.
*ජීවන තොරතුරු :
1953 මාර්තු 21 වැනි දින උපත ලද ඇන්ටන් බී පෙරේරා ගේ උපන් ගම ගාල්ලය. සිය පියා වතු පාලකවරයෙකු වූ නිසා කඳුකරයේ වතු ආශ්රිත පළාත් කිහිපයක ළමා කාලයේ ජීවත් වීමේ අවස්ථාව ඔහුට හිමි වෙයි.
ඔහුගේ මුල්ම පාසල වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලයි. ඉන් පසුව ඔහු කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට ද ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල ද ඇතුළත්ව අධ්‍යාපනය හදාරායි.
කුඩා කල තනිවම බිම චිත්‍ර අඳින්නට හුරු වුණ මේ කුඩා චිත්‍ර ශිල්පියා ගේ හැකියාව දෙමාපියන් අගය කිරීම ඔහුව දිරිමත් කිරීමට හේතුවක් වෙයි. චිත්‍රකතා අඳින්නට පෙළඹවීමක් ඇති වූයේ සතුට චිත්‍රකතා පත්තරය නිසා බවයි ඔහු ළමා අවදිය සිහිපත් කරමින් සඳහන් කර ඇත්තේ. ඔහුගේ මව ඇය කැමති චිත්‍රකතා පොත් වල අලවා තබන්නට පුරුදුව සිටියාය. ඔහුට පූර්වාදර්ශයක් වූයේ බන්ධුල හරිශ්චන්ද්‍ර , සුසිල් ප්‍රේමරත්න වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ය. (තොරතුරු උපුටා ගත්තේ 2020.03.02 දින මිහිර පුවත්පතේ පළ වූ පුංචි කාලෙ මං ලිපියෙනි. සකස් කළේ සමුද්‍රිකා වර්ණකුල).
ඇන්ටන් බී පෙරේරා වෙයි
ඔහුට ම අනන්‍ය වූ බටහිර ක්‍රියාදාම චිත්රකතාවට හුරු චිත්‍රකතා ශෛලියක් ගොඩනගා ගත් කේ.ඒ.එච්. ඇන්ටන් බර්ට්‍රම් පෙරේරා නම් වූ මේ චිත්‍රකතා ශිල්පියා සිය නම ලාංකික චිත්‍රකතා වංශ කතාවේ සනිටුහන් කරන්නේ "ඇන්ටන් බී පෙරේරා" ලෙසය.
"චිත්‍රපට බැලීමෙන් හා පොත් කියවීමෙන් ලද අත්දැකීම් නිසා ඒවායේ වාහන, පරිසරය, සමාජයේ මිනිසුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමට හැකි වුණා". ඒ නිසා සාර්ථකව චිත්‍රකතා අඳින්නට හැකිවූ බව ඔහු පුවත්පතක සම්මුඛ සාකච්ජාවකදී සඳහන් කරයි.
ඇන්ටන් බී පෙරේරා ගේ පළමු රැකියාව වූයේ වතු පාලකවරයෙකු සේවය කිරීමය. සිත්තර පත්තරයට බැඳීමට අවස්ථාව ලැබෙන්නේ ඉන් පසුවය.
*චිත්‍රකතා දිවියේ පළමු පියවර :
චිත්‍ර ශිල්පීන් කැදවීම සඳහා පුවත්පතක පළවූ දැන්වීමකට අනුව, සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීම ඔහුගේ චිත්‍රකතා දිවියේ පළමු පියවර විය.
කැමිලස් පෙරේරා මහතා, චින්තන ජයසේන මහතා සහ මහින්ද හේවගේ මහතා යන තිදෙනාගෙන් යුතු පරීක්ෂණ මණ්ඩයක් ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේ ඔවුන් ඉල්ලා සිටියේ "බටහිර පන්නයේ වීර කතාවක් නිර්මාණය කරන ලෙසයි". එය ඔහුට අභියෝගයක් විය. මිතුරෙකුගේ නැන්දණිය කියා දුන් "ඔරිසන් පාලන්තෙන්" කතාව අනුව ඇඳි චිත්‍රකතාව ඔහු නම් කළේ "ටෝරස්" නමිනි. ලංකාවේ පළමු වරට ඕෆ්සෙට් මුද්‍රණයෙන් හා වර්ණයෙන් නිකුත් වූ "සිත්තර" පත්තරයේ පිටුවක් ටෝරස් වෙනුවෙන් වෙන්වන්නේ ඒ අනුවය.
*බටහිර චිත්‍රකතා ශෛලිය :
කැමිලස් පෙරේරා මහතා එම අවස්ථාවේ දී කළ ප්‍රකාශය තමාටම අනන්‍ය වූ චිත්‍රකතා ශෛලිය ගොඩනහා ගන්නට හේතු වූ බව ඔහු ටෝරස් චිත්‍රකතා පොතෙහි පෙරවදනෙහි මෙසේ සඳහන් කරයි. "ඇන්ටන් ඔයා බටහිර ශෛලියේ චිත්‍රකතා වලින් ඉදිරියට යන්න. ලංකාවේ චිත්‍රකතා ලෝලීන් අතර ඔයා කවදහරි නොමැකෙන නමක් ඇති චිත්‍ර ශිල්පියෙක් බවට පත් වේවි." කේ.ඒ.එච්. ඇන්ටන් බර්ට්‍රම් පෙරේරා ගේ චිත්‍රකතා වෙනුවෙන් භාවිත නම ඇන්ටන් බී පෙරේරා වන්නේ ද ඔහුගේ අදහසක් අනුවය. (තොරතුරු සහ උපුටා ගැනීම ටෝරස් චිත්‍රකතා පොතෙහි පෙර වදනෙනි)
ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් හි චිත්‍රකතා ආයතනයක් හා එක්ව කටයුතු කිරීම ද සිය චිත්‍රකතා දිවියේ අත්දැකීම් පරාසය පුළුල් කර ගැනීමට ලැබුණු මහඟු අවස්ථාකි.
*පළමු චිත්‍රකතාව :
1975 දී අද පත්තරයට ඇඳි "අවතාරය" ඔහුගේ පළමු චිත්‍රකතාව විය. ඉන් අනතුරුව ඔහු සිත්තර පත්තරයට ටෝරස් චිත්‍රකතාව නිර්මාණය කරන අතර ඔහුගේ චිත්‍රකතා නාමාවලිය බොහෝ චිත්‍රකතා පත්තර පරාසයක් පුරා දිවයයි.
*ඇන්ටන් බී පෙරේරා ගේ චිත්‍රකතා :
• අද-(අවතාරය)
• සිත්තර -(ටෝරස්, අයාමා, විස්කි වීදුරුව, කුළු හරක්)
• විජය සතුට-(ඇතීනා, අඩියෝස් අල්වාරෙස්)
• සුහද- (ස්කෝපියෝ, රතු කුරුමිණියෝ, වියරු දඩයම, මහඛාන්ගේ ශාපය)
• සිව්රස- (ගිනිගත් වසන්තය, X-19 The Cyborg, ආගන්තුකයා, දින පොතක කතාවක් , නිමේෂයක්, මරණය සොයා ගිය ගමනක්, කම්පනය, ඇඟිළි සළකුණු , මරුවන් සමග සූදුවක්, ආත්මයට වන්දියක් , භීෂණාත්මක කතාවක්, වෘකයෙක් සමග, FIRE BALL, වයිකන්, ආගන්තුකයා, 1313, වැනීසා)
• දසුන-(ලුසිෆර්ගේ දඩබිම, කලු වෘකයෝ, රයිනෝ, වියරු ආත්මය, කැරවෑන් 404, නිශාචරයෝ , සදාදරණීය තීනා)
• සිකුරු -(බ්ලැක් බල්චර්)
• සඳරැස -(අලුගෝසුවාගේ නගරය)
• මල්සර- (කලු දිවයින)
• හිතවත -(වියරුව, මකරා)
• චිත්‍රකතා -(කොල්ලකරුවෝ, නින්ජා, අදිසි ඝාතකයා, 16 වෙනි පැය, ඩිංකි දකිනතුරා, නින්ජා අලු තරුව )
• සක්විති - (ක්රිස්කන් වීරයෝ, අසුර අඩවිය, ලීසා)
• සත්වරුණ-(ග්ලෝරෝ, දඩයම )
• ස්වර්ණ -සෙන්ඩා හී සිරකරුවා, සැණෙලි
• චිත්‍ර මිත්‍ර-(තිළිණ දඩයම, 16 වන පැය, කලු මෝරා, මදාරා මලක්, ලුහුබැඳීම)
• සිත්තරු-(වෘකයාගේ මිටියාවත, කැලිබර්)
• SUNDAY TIMES-AND ALL BECAUSE OF A FAG, IGENNERS
• ඉරිදා -දෙකොන විලක්කුව
#චිත්‍රකතා පොත් -
• ගිනිගත් වසන්තය
• කැරවෑන් 404
• ආත්මයට වන්දියක්
• ටෝරස්
• ඇඟිලි සලකුණ
• දුසිෆර්ගේ දඩබිම
• අයාමා
• කතා පහක්
• ෂලාකෝ
• ඇතීනා
•රතු කුරුමිණියෝ
චිරං ජයතු කලාකරුවාණනි !
• උපුටා ගැනීම් සිදු කළ සියලු මූලාශ්රයන්ට හා ඒවායේ නිර්මාණකරුවන්ට.
• Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍රකතා) සමූහය ඇතුළු චිත්‍රකතා තොරතුරු සම්පාදනය කරන සමූහයන්ට
• 2020.03.02 දින මිහිර පුවත්පත, "පුංචි කාලෙ මං" ලිපිය, සකස් කළේ සමුද්‍රිකා වර්ණකුල.
• ටෝරස් චිත්‍රකතා පොතෙහි පෙර වදන
• සුපිරි ගේ කොලම
No comments:
Post a Comment