Tuesday 26 December 2023

NEWS PAPERS FOR WOMENS

5. සෙනෙහස
  Senehasa 
( සොඳුරු කැදැල්ලට සැනසුම ගෙනෙන 
  දෙසතියේ හිතවතිය....)

මංගල කලාපය 
නිකුත්වු දිනය- 2008 පෙබරවාරි 15
ආරම්භක ප්‍රධාන කතෘ- කුමාර රත්නායක
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 30.00
ප්‍රමාණය -  42Cm × 28Cm
මුද්‍රණය - TNP මුද්‍රණාලය - නුගේගොඩ
ප්‍රකාශනය- TNP ප්‍රකාශන

                   මෙරට  තාරුණ්‍යයේ ආදරණීය ප්‍රියාදර ප්‍රියාදරියන්ටත් , අඹුසැමියන්ටත්,
කාන්තා සැම වෙනුවෙනුත් සෑම මසකම 1 හා 15 දා බැගින් මසකට දෙවරක් පමණක් නිකුත්වු කාන්තා පුවත්පතකි . පුවත්පතතෙන් 90% ක් පමණ ලිපි හා විශේෂාංග පාඨක අත්දැකීම් සඳහාම වෙන්කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව සෞඛ්‍ය හා අධ්‍යාපනික ලිපි , දැනුම , සතුට ගෙන එන විශේෂාංග හා චිත්‍රකතා පුවත්පත තුල අන්තර්ගතව තිබේ . 
       වසර 2008 දී නිකුත්වු මෙම පුවත්පත මෙරට පාඨකයන් අතර කෙතරම් ජනප්‍රිය වූවාද යත් ,  නොකඩවා වසර 10ක් ඉක්මවා යනතුරු ප්‍රධාන කතෘවරු කිහිප දෙනෙකු ගේ සංස්කරණයෙන් යුක්තව ද පුවත්පත නිකුත් වී තිබේ.

          නමුත් මේ වනවිට පුවත්පත නිකුත් නොවේ . 


  





No comments:

Post a Comment