52. සිහළ රටා
( ශ්‍රී ලංකාවේ එකම චිත්‍රකථා සංග්‍රහය )
මංගල කලාපය
නිකුත්වූ දිනය - 2012 ජුලි 01
ප්‍රධාන සංස්කාරක- සුමතිපාල ජෝතිපාල
ආරම්භක පිටු- 16
ආරම්භක මිල - රු. 40.00
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- සෙවරල් ප්‍රකාශන සමාගම
මුද්‍රණය - නුවන් ඔෆ්සේට් ප්‍රින්ටර්ස් -
තඹරවිල
ශ්‍රී ලංකාවේ එකම චිත්‍රකථා සංග්‍රහය නමින් " සිහළ රටා " චිත්‍රකථා පුවත්පත එවකට වෙළඳ පලට නිකුත් වූ අතර, ඒ එම වකවානුව වනවිට මෙරට පුවත්පත් වෙළඳ පල තුල වූ එකම චිත්‍රකථා පුවත්පත මෙය වීම නිසාවෙනි.
( නමුත් සිහළරටා චිත්‍රකථා පුවත්පත නිකුත් වී දින කිහිපයකින්, එම වකවානුවෙහිම තවත් චිත්‍රකථා පුවත්පතක් පුවත්පත් වෙළඳ පලට නිකුත් විය. )
සෑම මසකම 1 සහ 15 පමණක් වෙළඳ පලට නිකුත් වූ මෙය ආරම්භයේදී පිටු 16 ක් සහිතව රු. 40.00 ක් ලෙස මිල සටහන් වූ අතර, පසුව 2 කලාපයේ සිට පුවත්පතෙහි පිටු ප්‍රමාණය 20 ක් ලෙස ඉහළ දමා තවත් චිත්‍රශිල්පීන් කිහිප දෙනෙකුම එක්කොට ගෙන චිත්‍රකථා නිර්මාණ අන්තර්ගතය ද ඉහල දැමුණු අතර මිලෙහි වෙනසක් නොකොට නිකුත් කෙරිනි. 3 වන කලපයේදී නැවත මිල රු. 35.00 ක් ලෙස පහත දමා පුවත්පත පවත්වාගෙන යාමට උත්සාහ කල මුත්., ආරම්භයේ සිටම එතරම් සාර්ථක ප්‍රකාශනයක් නොවූ පුවත්පත පාඨක ආකර්ෂණයක් නොලැබම කලාප 4 කට පමණක් සීමා වී පුවත්පත් වෙළඳ පලෙන් ඉවත් විය.
** සිහළ රටා සැරසූ කථා රචකශිල්පීන් සහ සිත්තරුන් -
සුමතිපාල ජෝතිපාල
රාණි හේමලතා
ගයශාන් ඇල්පිටිය
ගයාන් සමීර
මොහාන් ප්‍රියදර්ශන
අනුර ප්‍රියදර්ශන
දිලාන් ප්‍රගීත්
අරුණ ක්‍රිෂාන්ත
සමන් ජී. ලියනාරච්චි
සචිත්‍රි අචලංකා
දිනුෂිකා දුල්මිණී
පුෂ්පා මාලිනී
පුෂ්පා මාලිනී
ආනන්ද කල්දේරා

1කාණ්ඩය 3 කලාපය ☝️
















No comments:
Post a Comment