Sunday 9 July 2023

රසිකයා

 රසිකයා ගැන හැඳින්වීම 

                           

රසිකයා චිත්‍රකතා ලෝලියෙකු  වූයේ කුඩා කල සිටමය. තාත්තා ගෙදරට නොකඩවා ගෙනා මිහිරත්, සතුටත් ඔහු කියෙව්වේ බහ තෝරනා දා පටන්ය. තාත්තා  ඒවායේ පළවූ චිත්‍රකතා කපා එකතු කොට පොත් සාදා තිබූ අයුරු රසිකයාට මතකය.

හැත්තෑව දශකයෙන් ආරම්භ වී අනූව දශකයෙන් අවසන් වූ මේ සුන්දර කලාව පිළිබඳ මතකය අවදිවීම හේතුවෙන්  චිත්‍රකතා ගැන සොයමින්, ලියමින් චිත්‍රකතාව  තුළ ජීවත් වන්නට රසිකයා ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසය මේ චිත්‍රකතා තීරුව ලියවුණේ.

                       රසිකයා - පළමු දිගහැරුම >

සුප්‍රි සමරසිංහ 

0710558989

supprisamarasinghe@gmail.com

2023.07.09

No comments:

Post a Comment