පුවත්පතක ව්‍යුහය
පුවත්පතක අන්තර්ගත වන්නේ මොනවාද? අර්ථ දැක්වීම කෙරෙහි අවධානය යොමුකළ විව පුවත්පතක අන්තර්ගතය කොටස් 5 කින් දැක්විය හැකිය.
එනම් -
1. ප්රවෘත්ති
2.විශේෂාංග
3. ජායාරූප
4. චිත්‍ර
5. දැන්වීම් යනුවෙනි
1. ප්රවෘත්ති
ප්රවෘත්ති පිළිබඳ පිළිගත් විශ්ව සාධාරණ නිර්වචනයක් නොමැත. සම්මත මතය අනුව පුවත් යනු සසර දිගාවෙන ගලාගෙන එන තොරතුරුය. (NEWS - NORTH, EAST, WEST, SOUTH ) එහෙත් එය වැරදි සහගත බවත් නිව්ස් යන්න නවතාව හෙවත් නවල්ටිස් (Noveltics) හා නිව්නස් (Newness) යන්නේත් බිඳී ආ බවත් සඳහන් වේ. (සන්නිවේදන ශබ්දාකරය පිටුව 204 )
පොල්ඩ් මැසෙනීසර්ට අනුව ප්රවෘත්ති යනු ජනතාවට බලපාන්නාවූත් ඔවුන් තුළ උනන්දුවක් ඇති කරන්නාවුත් මෑත කාලීන වැදගත් සිදුවීමකට අදාල අලුත් තොරතුරකි. එයම වෙතත් ආකාරයකට දක්වතොත් ප්රවෘත්ති යනු ජනතාවට බලපාන්නාවූත් ජනතාව දැනගැනීමට උන්න්දූ වන්නාවූත් කිසියම් මාධ්‍යයක් මගින් දැන ගැනීමට ලැබෙන්නාවුත් අලුත් තොරතුරකි.
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය බිහිවීමෙන් පසු මෙයට තවත් අර්ථකථනයක් එකතු වි ඇත. එනම් ප්රවෘත්ති යනු සිදු වෙමින් පවතින සිද්ධියක විවරණයක් යනුවෙනි.
2. විශේෂාංග
"පුවත් පතෙක පළ වන පුවත් සහ දැන්වීම් හැර අනෙක් සියල්ල ම විශේෂාංග ලිපි ලෙස හැඳින්විය හැකිය.
3. ජායාරුප
පොටෝස් - ග්රැපෝස් යන ග්‍රීක භාවිතය පොටෝග්‍රැපී ( Photography )යනුවෙන් ඉංග්‍රීසි භාෂාවට පැමිණ ඇත. එය අපි ජායාරූප ශිල්පය ලෙස ව්‍යවහාර කරන්නෙමු ආලෝකයෙන් ලිවම යන්න පොටෝග්‍රැපී යන්නෙහි අරුත වන අතර ඇතැම්හු මෙය ප්‍රහා ලේඛනය යනුවෙන්ද හඳුන්වතී ( සන්නිවේදකයා - ආර්යරත්න ඇතුගල පිටුව 24)
ඡායාරූප අද පුවත්පතක අනිවාර්ය අංගයකි. වචන දහසකින් ප්‍රකාශ කළ නොහැකි අදහසක් එක ඡායාරූපයකින් ප්‍රකාශ කළ හැකි බවට කියමනක් වේ. පුවත්පතක ප්රවෘත්ති ජායාරූප හා ඡායාරූප විශේෂාංග පළ වන අතර එය අද වෙනම කලාවක් ලෙස වර්ධනය වී ඇත. එනම් පුවත්පත් ඡායාරූප සලාව ( Plhotography Journalism) ලෙසය. පුවත්පත් ජායාරුප කලාවේ ආරම්භකයා (1860) ඇමෙරිකානු ජාතික මැතිව් බ්රැඩිය.
4. චිත්‍ර
පුවත්පතක පිටු සැකසීමටත් සැරසීමටත් චිත්‍ර කලාව බෙහෙවින් ඉවහල් වේ. චිත්‍ර කතාව. තීරු චිත්‍ර කතා, කාටුනය, අද පුවත්පතක අනිවාර්ය අංගයකි. ලිපි හා නිර්මාණවල අරුත ප්‍රකට වන අයුරින් ඇඳි චිත්‍ර ද පුවත්පතක දැකිය හැකිය. විශේෂාංග ලිපි මාලාවක නාම ඵලසය. අදිනු ලබන්නේ ද අකුරු හා රූප භාවිතා කරමිනි.
5. දැන්වීම්
දැන්වීම් නොමැතිව පුවත්පතක් පවත්වාගෙන යා නොහැකිය. පුවත්පත ලාභ ලබන කර්මාන්තයක් බවට පස්ව ඇත්තේ දැන්වීම් ප්‍රචාරය සඳහා අන් මාධ්‍ය අතර පුවත්පත කෙරෙහි දක්වන විශ්වාසය මතය. පුවත්පතක් පහසු මිලකට පාඨකයා අතට පත් කිරීමට හැකිවී ඇත්තේ දැන්වීම් පල කිරීම හේතුවෙනි.
"කිසියම් ජනමාධ්‍යයකින් හෝ වෙනත් මාධ්‍යයකින් වෙළඳ භාණ්ඩයක් හෝ ව්‍යාපාරික සංකල්පයක් හෝ සමාජ දේශපාලන ඒකක ප්‍රචාරයන් හෝ සංදේශ ගත කීරීම සඳහා සකස් කෙරෙන සටහන් හැගවීමට භාවිත කෙරෙන යෙදුමකි” යනුවෙන් දැන්වීම් අර්ථ දක්වා ඇත.
සුප්‍රි සමරසිංහ
No comments:
Post a Comment