Wednesday, 30 August 2023

පත්තර කොලම -සිව්වන දිග හැරුම



පුවත්පත් පිටු සැකසුම ( Layouts )

මුද්‍රණයේ හා සකස් කිරීමේ පහසුව සඳහා අද පුවත්පත් පළ කරනු ලබන්නේ කොටස් කීපයක් වශයෙනි. පුවත්පතේ මුල් පිටුවේ කොටස් ගණන හා පිටු ගණන සදහන් කර ඇත. මෙම කොටස් විවිධ නම් වලින් හැඳින්වේ. පුවත් සහිත මුල් කොටස, විශේෂාංග කොටස, දැන්වීම් කොටස ආදී වශයෙනි. (විශේෂාංග කොටස් විවිධ නාම ඵලක් යටතේ වෙන් කර ඇත. ) විවිධ රුචිකත්ව ඇති පාඨක පිරිසකට එක වර පුවත්පත කොටස් වලට බෙදාගෙන කියවීමට මේ නිසා පහසු වේ.

පිටු සැකසුම යසු පුවත්පතක පිටුවක් රේඛා හැඩතල හා වර්ණ ඇසුරින් සිත් ගන්නා ලෙස නිර්මාණය කිරීමය. පුවත්පතක පිටු සැකසීම පිළිබඳ සරල මුල ධර්ම කිහිපයක් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කර ඇත (පුවත්පත් කලා සමීක්ෂා 11 - පිටු 43. 44)


1. පුවත්පතට ආවේණික චරිත ලක්‍ෂය

එම ලක්‍ෂණ දිගින් දිගටම, දිනපතා ප්‍රදර්ශණය විය යුතුය. මඟ තොටේ දී අහුලා ගන්නා පත්තර  කැබැල්ලක් දෙස බලා මේ අහවල් පත්තරේ කොටසක් යයි නිගමනයකට එළඹිය හැකි තරමට සැලැස්ම ස්වතන්ත්‍ර විය යුතුය. ස්වාධීන විය යුතුය. 

2. විවිධාංග අතර එළිසමයක තිබිය යුතුය.

සමතුලිත භාවයක් තිබිය යුතුය. සිටුවේ සිරස්තල, උප සිරස්තල, පුවත්  ලිපි  කෙටිකතා,  ඡායාරූප චිත්‍ර හා හුදු අලංකාරයට හෝ ඒ ඒ අංග අතර සීමා හෝ නියර වෙන්කර දැක්වීමට යොදා ගන්නා ඉරි (රේඛා) සියල්ලම පාඨකයාගේ අවධානය යොමු කරගන්නා මනෝ මූලවූත්, දෘශ්‍ය මූලවූත් "දශ්‍ය කාචයක්" විය යුතුය.

3.ඒ ඒ අංගෝපාංගවල වැදගත්කම අනුව පාඨකයාගේ දෘශ්‍යාවලිය මෙහෙයවීම, වැදගත් පුවත් ලිපි චිත්‍ර  යනාදිය කැපී පෙනීමට සැලැස්වීම තවත් උපක්‍රමයකි. මෙහි අභිප්‍රාය  පිටුව දෙස බලන්නාගේ අවධානය අවනත කර ගැනීම සඳහා ආකර්ෂණීය නෙත් යොමුවක් සැලසුමට පාදක කර ගැනීමයි. හැම ඡායාරූපයකටම හැම ලිපියකටම එක හා සමාන් වැදහත් කමක් ආරෝපණය කිරීමට යාම අද බොහෝ පුවත්පත් පිටු සකස් කරණ අය විසින් කරනු ලබන වරදකි.

පුවත්පත් සංස්කරණය පිළිබඳව හසල දැනුමක් ඇති සුරේන්ද්‍ර මහතා පෙන්වා දෙන කරුණු ඉතා වැදගත් ය. අද පුවත්පත් වැඩි පුවත් ප්‍රමාණයක් මුල් පිටුවේ පළ කිරීමට උත්සාහ කරන බව පෙනේ.   එසේම ඒ හැම පුවතකටම සමාන වැදගත්කමක් දීමට කැමැත්තක් දක්වන බව පෙනේ. මේ නිසා බොහෝ විට මුල් පිටුවේ පුවතක් කියවීමට හැකි වන්නේ සිරස් තලය හා වැකි සහිපයක් පමණි. ඉතිරි කොටස අප වෙනත් පිටුවකින් කියවිය යුතුය. පිටුවකින් වෙනත් පටුවකව සම්බන්ධ කිරීමේ මෙම රීතිය Jump යනුවෙන් හැඳින්වේ. පිටුවක්  සැරසීම හා අලංකාර කිරීම සඳහා යොදනු ලබන පිටු සැකසුම් ශිල්ප විදි සහිපයක් වේ. කොටු කිරීම (Box) ඉන් එකකි. ආකර්ෂණීය සිරස්තල යෙදීමද,  කළු අකුරු ( Bold Face) ඇල අකුරු (Italics) යෙදීම ද තවත් කිහිපයකි. පිටු පිරිවීම සඳහා යොදක කෙටි රචනා විශේෂය හිඩැස් ලේඛන (Gag Writing) යනුවෙන් හැදින්වේ.

පිටු සැකයිමේ දී සළකා බලන ලක්ෂණ ගුණාංගය 06 ස් වේ. මේවා ඇස විසින් තීරණය කරනු ලබන නිර්මාණ ගුණාංගයන්‍ ය.

1. සමානුපාතය

2. සමබරතාව 

3. සංසන්දනාත්මක අසමානතාව

4. රිද්මය

5. ඒකරාශී බව

6. ප්‍රසංවාදය

මේ සියලුම කාරණා වලිත් බලාපොරොත්තු වන්නේ පුවත්පතක් එකමට පෙරළා බලන කෙනෙකු එය කියවන පාඨකයකු බවට පත් කිරීමය.

සුප්‍රි සමරසිංහ

No comments:

Post a Comment